Friday, September 20, 2024

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයට ගිය පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වෙයි

Must read

හලාවත, අඹකඳවිල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරුවී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

මෙම කොවිඩ් ආසාදිත පුද්ගලයා පසුගිය මස 23 වෙනිදා කොළඹ බණ්ඩාරනායක පොත් ප්‍රදර්ශනයට පැමිණ ඇති බවට අනාවරණය වී ඇත. එමෙන්ම ඔහු එදින කොළඹ බස් නැවතුම් පොළේ ගැවසී ඇති අතර සැප්තැම්බර් මස 30 වෙනිදා නුවරඑළිය ප්‍රදේශයට ද ගොස් ඇත.

ඇතිවූ අසනීප තත්ත්වය මත පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබා ඇති මෙම කොවිඩ් ආසාදිත රෝගියාගේ PCR පරික්ෂණයන් පසුගිය 06 වෙනිදා සිදුකොට ඇති අතර එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article