Friday, May 10, 2024

ජාත්‍යන්තර ධීවර දිනය නිමිත්තෙන් මුලතිව් නගරයේදී පාපැදි පෙරහැරක්

Must read

ජාත්‍යන්තර ධීවර දිනය නිමිත්තෙන් පසුගිය 21 වනදා  පෙරවරු 10ට මුලතිව් නගරයේදී  විරෝධතාවයක් පැවැත්විණි. 

සෞඛ්‍ය සම්පන්න සමුද්‍ර පරිසර පද්ධතිවල වැදගත්කම සහ ලෝකයේ තිරසාර මත්ස්‍ය සම්පත තහවුරු කිරීම යන තේමාව යටතේ පරිසර විද්‍යා හා සමාජ සංවර්ධන ආයතනය විසින් සංවිධානය කරන ලද රථ දැනුවත් කිරීමේ පෙළපාලිය සිලාවත්ත හන්දියෙන් ආරම්භ වී මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටින් අවසන් විය.

මෙම අවස්ථාවට උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී දුරෙයිරාසා රවිකරන්, සමාජ ක්‍රියාකාරී  පීටර් ඉලංචේලියන්, පරිසර විද්‍යා හා සමාජ සංවර්ධන ආයතනයේ නිලධාරීන්, ධීවරයින්, තරුණ තරුණියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article