Sunday, May 12, 2024

ජනමාධ්‍යවේදීන් සඳහා උපකරණ මිලදී ගැනීමට සහනදායි ණය පහසුකම් සැලසීම – 2016

Must read

digital-camera-lenses1camera-06මෙම ණය යෝජනා ක්‍රමය යටතේ මාධ්‍යවේදීන්ට රුපියල් ලක්ෂයක උපරිමයකට යටත්ව 4% ක සහනදායී වාර්ෂික පොලී අනුපාතයකට යටතේ පරිගණක (ලැප්ටොප්, ඩෙස්ක්ටොප්, අයිපෑඩ්), කැමරා, ෆැක්ස් යන්ත්‍ර මෙන්ම ඩිජිටල් පටිගත කිරීමේ යන්ත්‍ර මිලදී ගැනීමට හැකිය.
දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කළ වයස අවුරුදු 18 – 55ත් අතර මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හා වෙබ් මාධ්‍යවේදීන්ට මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අයදුම් කළ හැකිය.
තවද සියලූම අයදුම්කරුවන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන මාධ්‍ය හැඳුනුම්පත ලබා තිබිය යුතුය. එසේම මෙම ණය යෝජනා ක්‍රමය යටතේ මීට පෙර ණය මුදල් ලබා ඇති මාධ්‍යවේදීන් නැවත අයදුම් කිරීමට පෙර එය පියවා තිබිය යුතුය.
මේ සඳහා යොමු කරන සියලූම අයදුම්පත් 2016.04.30 දින හෝ එදිනට පෙර අධ්‍යක්ෂ (මාධ්‍ය) පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අංක 163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 යන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු වේ.
” ජනමාධ්‍යවේදීන් සඳහා උපකරණ මිලදී ගැනීමට සහනදායි ණය පහසුකම් සැලසීම – 2016″ පිළිබඳ වැඩි විස්තර 0112513645, 0112513459 සහ 0112513460 ඇමතීමෙන් සහ ආදර්ශ අයදුම්පත් අඅඅගපැාස්ගටදඩගකන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.
www.media.gov.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article