Monday, May 6, 2024

කිලිනොච්චියේ මාධ්‍යවේදියෙකුට මරණ තර්ජන ? පොලිසිය නිහඩයි ?

Must read

 

කිලිනොච්චි මාධ්‍යවේදින් විසින් මාධ්‍ය ඇමතිවරයා වෙත සිය ප්‍රශ්ණ යොමුකළ මොහොත
කිලිනොච්චි මාධ්‍යවේදින් විසින් මාධ්‍ය ඇමතිවරයා වෙත සිය ප්‍රශ්ණ යොමුකළ මොහොතසෙවන

දෙවන සංස්කරණය -කිලිනොච්චියේ මාධ්‍යවේදියෙකු වන ධර්මලිංගම් පරමසිවම් ( සිවාට )පසුගිය දිනක ව්‍යාපාරිකයෙකු විසින් මරණ තර්ජන එල්ල කර ඇතැයි වාර්ථා වේ.  ඒ වැලි ප්‍රවාහන ක්ෂේත්‍රයේ  නිරත ව්‍යාපාරිකයෙකු විසිනි.
මෙයට හේතුව වි තිබුනේ  වැලි ප්‍රවාහනයට අදාල සිදුවිම්ක්  ගැන ප්‍රවෘත්තියක් වාර්ථා කරන්නට ගිය අවස්ථාවේදිය.
අදාල වැලි ප්‍රවාහන හිමිකරුවා විසින් සිවාට තර්ජනය කොට  ඇත්තේ මේ පුවත පළ කළ හොත් කිලිනොච්චියේ ඉන්නට ඉඩ දෙන්නේ නැතැයි කියමිනි.
මේ සම්බන්ධයෙන් අප්‍රෙල් 05 වනදා කිලිනොච්චියේ පොලිසියට ගොස් පැමිණිල්ලක් කිරිමට සිවාට අවැසි වුවද පොලිසියේ ප්‍රධානින් පවසා ඇත්තේ පැමිණිල්ලක් නොකර ප්‍රශ්ණය ගොඩින් බේරාගැනිමට කටයුතු කරන ලෙසය.
වාර්තා වන අන්දමට මේ වැලිජාවාරම්කරුවා සහ පොලිස් ප්‍රධානින් අතර කිට්ටු සම්බන්ධකමක් පවති.
කෙසේ වෙතත් පසුව සිවා ගොස් තිබුනේ ඉරණමඩු පිහිටි සහාකාර පොලිස් අධිකාරි කාර්යාලය වෙතය.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව විසින් 2016 අප්‍රෙල් 10 වනදා කිලිනොච්චිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ මාධ්‍යවෙදියාගේ ප්‍රශ්ණය සම්බන්ධයෙන් පැමිණිල්ල ක් සටහන් කරන ලෙස කියන්නට ඔහුට නොහැකිවිම අතපසුවක් බවය.එහෙත්  ඉරණමඩු ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයෙන් ලැබුන උපදෙස් පරිදි ඒ පැමිණිල්ල ප්‍රකාර මාධ්‍යවේදියාට තර්ජනය කළ ව්‍යාපාරිකයාව 2016 අප්‍රෙල් 07 වනදා කිලිනොච්චි පොලිසිය වෙත කැදවා මාධ්‍යවේදියාගෙන් සමාව ගැනිමට කටයුතු සැලසු බවය.
කෙසේ වෙතත් මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව වෙත කරුණු දක්විම්න සිවා කියා සිටින්නේ ඉදිරියේදි තමන්ගේ ජිවිතයට තර්ජනයක් ඇති නොවන්නේ නම් සමාව දි ප්‍රශ්ණය සමතයකට පත්කරගන්නට තමන් සුදානම් බවය.
මාධ්‍යවේදියෙකු කිසියම් අයෙක් විසින් මරණ තර්ජන එල්ල කර තිබුනේ නම් පොලිසියේ වගකිම විය යුත්තේ ඒ පැමිණිල්ල භාරගෙන අදාල ඒ ගැන පරික්ෂණ මෙහෙයවා සුදුසු පියවයරන් ගැනිමය.එහෙත් එම අවස්ථාව කිලිනොච්චිය පොලිසිය විසින් මගහැර තිබුණි.
සිවා කිලිනොච්චිය ප්‍රදේශයේ ස්වාධින රූපවාහිනි සේවයේ ප්‍රාදේශිය වාර්තාකරුවෙකු වන අතර තවත් මාධ්‍ය ආයතන කිපයක් වෙත සිය සේවාව ලබාදෙන්නෙකුද වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article