Saturday, September 21, 2024

ජනපති සිරිසේනගේ මිනීමැරිමේ තීන්දුවට රටවල් ගණනාවක විරෝධය !

Must read

අද ජුනි 26 වනදා වදහිංසාවට ලක්වුවන් සදහා සහය පළකිරිමේ දිනය ලෙසින් ලොව පුරා සමරද්දි යහපාලනව ස්ථාපිත කිරිම සදහා 58 ලක්ෂයක කරපිටින්ම බලයට පැමිණි ජනපති සිරිසේන ලොව අශිෂ්ඨ නිතියක් ලෙසින් ශිෂ්ඨ සමාජය විසින් ප්‍රතික්ෂේප කර ඇති මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නට තින්දු කර තිබේ.්

මේ අනුව හතරදෙනෙකු එල්ලා මැරිම සදහා ජනපති සිරිසේන දැනටමත් අත්සන් තබා ඇති සැලය.
මරණ දඩුවම ශ්‍රිලංකාව තුල ක්‍රියාත්මක කිරිමට ජනපති සිරිසේන විසින් ගනුලැබු ම්ලේච්ජ් තින්දුවට ලොව පුරා රටවල් රැසක විරෝධය දැනටමත් එල්ලවි තිබේ.
ඊයේ දිනයේ පැවැති එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සලයේ 41 වන සැසියේදි රටවල් ගණනාවක විරෝධය පළකොට තිබුණි.
මේ අතර මානව හිමිකම් කවුන්සිල් සැසියේදි ලොව ප්‍රකට මානව හිමිකම් සංවිධාන ගණනාවක විරෝධයද ජනපති සිරිසේනගේ මේ වියරු තීන්දුවට එරෙහිව මතුව තිබුණි.
මත්කුඩු තුරන් කිරිමට යැයි කියමින් ඉවක් බවක් නැතිව පිලිපින ජනපතිවරයා විසින් ගෙනයන ම්ලේච්ඡ පාලනයටද මානව හිමිකම් කවුන්සිලියේ රටවල් ගණනාවක විරෝධය පළ විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article