Tuesday, April 30, 2024

ජනපති සහ ෆොන්සේකා හමුවෙයි : ෆොන්සේකාට එරෙහිව මඩ ව්‍යාපාරයක්.

Must read

SFෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍යධූරය ලබා දෙතැයි බියෙන් පිරිසක් ඔහුට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශයට සම්බන්ධ අයකු විසින් ක්‍රියාත්මක කරනු ලබන වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.අදාළ, මඩ ව්‍යාපාරය දියත් කිරීමට අවි ජාවාරම් කිරිම පිළිබඳව චෝදනා එල්ල වී ඇති සමාගමක කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ මුදල් පොම්ප කරමින් ඇති බවද එහි දැක්වේ.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට සරත් ෆොන්සේකා මහතාගේ සම්බන්ධයක් ඇති බවට ද මාධ්‍ය මෙහෙයුමක්ද ක්‍රියාත්මක බවත්, එම ව්‍යාපෘතිය රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ මාධ්‍ය ප්‍රධානියෙක් විසින් ක්‍රියාත්මක බවත් පැවසේ.

විශේෂ සාකච්ඡාවක්

අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ඊයේ පස්වරු 05 ට පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතව තිබු බව වාර්තා වේ.

අගමැති ලයිස්තුවේ නීතිය හා සාමය ෆොන්සේකාට

කෙසේවුවද, පසුගිය 22 වැනිදා අගමැතිවරයා විසින් ජනාධිපතිවරයාට යවන ලද අමාත්‍ය මණ්ඩල ලයිස්තුවේ නීතිය හා සාමය අමාත්‍යංශය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදෙන ලෙස නම්කර තිබූ බව පැවසේ.

කෙසේවුවද, පසුව ජනාධිපතිවරයාට ශ්‍රීලනිප අමාත්‍යවරුන් හා මහනාහිමිවරුන් කරන ලද ඉල්ලීම්වලට අනුව එම අමාත්‍ය ධූරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටම ලබාදීමට කටයුතු කළේය.

නීතිය හා සාමය සතිදෙකකින් ෆොන්සේකාට – රාජිත

මේ අතර, නීතිය හා සාමය පිළිබද අමාත්‍ය ධුරය සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත් කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය හා සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා ඊයේ (26) පවසා තිබිණි.

ඔහු පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය බාරගෙන ඇත්තේ සති දෙකක කාලයක් සඳහා පමණක් බවයි.

සරත් ෆොන්සේකා මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට පත්වීමට පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අකමැත්ත පල කළ ද පහළ ශ්‍රේණියේ නිලධාරීන් කැමැත්ත පල කරන බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසා තිබිණි.
www.infosrilankanews.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article