Saturday, May 18, 2024

ජනපතිගේ මානසික තත්වය විමසන නඩු විභාගය අද

Must read

තක්ෂිලා ජයවර්ධන නැමැත්තියක විසින් ඇයගේ නීතීඥයාවරයා වන සිසිරකුමාර සිරිවර්ධන නීතිවේදියා  හරහා මානසික වෛද්‍ය ආඥා පණත යටතේ ගොනුකල ක CA/385:/2018 දරණ පෙත්සම අද දිනයේදී විභාගයට ගැනීමට නියමිතය. මෙම පෙත්සම අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ පසුගිය දෙසැම්බර් 10ද වනදාය. මෙමගින්  ජනාධිපති සිරිසේන මානසික සෞඛ්‍ය යහපත් දැයි පරීක්ෂා කිරීම සඳහා මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියි.

මෙම පෙත්සම ගොනුකල නීතීඥ සිසිරකුමාර මහතා සදහන් කර සිටියේ මානසික රෝගී පුද්ගලයාගේ ආරක්ෂාව සඳහාත් ඔහුගෙන් පුරවැසියන්ව ආරක්ෂා කර ගැනීම සඳහාත් ඉහත ආඥා පණත ක්‍රියාත්මක වන බවයි. එලෙසම ජනාධිපතිවරයාට අදාල මුක්තීන් හිමිවන්නේ ඔහු සිහිබුද්ධියෙන් සිටීනම් පමණක්වන බවත් මානසික වෛද්‍යප්‍රතිකාර ලැබිය යුතු තත්වයකදී ඔහුට සිය මුක්තියේ රැකවරණය අහිමි වන බවද නීතිඥවරයා සදහන් කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article