Thursday, September 17, 2026
spot_img

ඡන්ද හිමි නාමලේඛණ චෝදනාව – ගෝඨා චමල්ව බිල්ලට දී පැත්තකට වෙයි

Must read

2005 ජනාධිපතිවරණය සඳහා භාවිතා වූ ඡන්ද හිමි නාමලේඛනයට එවකට ඇමරිකානු පුරවැසියන් වූ තමන්ගේ සහ තම බිරිඳගේ නම් ඇතුළත්ව තිබීම පිළිබඳව තමන් කිසිවක්ම නොදන්නා බවත් ඒ ගැන ප්‍රශ්ණ කල යුත්තේ ගෘහ මූලිකයා වන තම වැඩිමල් සොයුරු චමල් රාජපක්ෂ මහතාගෙන් බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා ඇත්තේ මෙම සිද්ධිය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් මත පැවැත්වෙන විමර්ශණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කෙරුණ අවස්ථාවදීය.

මේ වන විට 2005 වසර වනවිට ඇමරිකානු පුරවැසියන් වූ ගෝඨාභය රාජපක්ෂ, අයෝමා රාජපක්ෂ සහ ජෝර්ජ් රාජපක්ෂ යන අයගේ නම් ඡන්ද හිමි නාමලේඛනයට නීතිවිරෝධී ලෙස ඇතුළත් කිරීම පිළිබඳ සම්පූර්ණ චෝදනාව චමල් රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වෙමින් පවතින අතර එම චෝදනාවට ඔහු වැරදිකරුවුවහොත් චමල් රාජපක්ෂ මහතාට ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වනවා මෙන්ම නැවත මැතිවරණයට තරග කළ නොහැකි වන පරිදි ඔහුගේ ප්‍රජා අයිතිය ද අහෝසි වනු ඇති බවද වාර්තා වෙයි.

මේ වන විට පෙනෙන්නට ඇති තත්වය මත පොහොට්ටු ජනාධිපති අපේක්ෂකයා විසින් තම ඡන්දය ගොඩදාගැනීමට තම සහෝදරයා බිල්ලට දී අත්සෝදාගෙන ඇත.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article