Sunday, May 12, 2024

රු.55000න් පස් දෙනෙකුට යා හැකි ජීප් රථයක් නිපදවූ සිසිර කුමාර

Must read

රුපියල්  55,000 ක වියදමකින් පස් දෙනෙකුට ගමන් කිරීමට හැකි  ජීප් රථ නිපදවන අපූරු කාර්මිකයකු පිළිබඳ පුවතක් ගලේවෙල ගල්බොක්කයාය දුෂ්කර ගම්මානයකින් වාර්තා වේ.

ඔහු නමින් ඩී.එච්.එම්. සිසිර කුමාර (36) මහතායි.  කුඩා අවධියේ සිටම කාර්මික පැත්තට  ඇලුම්කමක් දැක්වූ ඔහු මේ වනවිට යතුරුපැදියක එන්ජිමක් යොදාගෙන පස් දෙනෙකුට ගමන් කළ හැකි ජීප් රථය නිෂ්පාදනය කර තිබේ.

මෙම අපූරු ජීප් රථය පැයට කිලෝමීටර් 70 ක පමණ වේගයකින් ගමන් කිරීමට හැකි වේ. විශේෂයෙන් සංචාරක කර්මාන්තය සඳහා ධාවනය කිරීමට සුදුසු තත්ත්වයේ මෙය නිෂ්පාදනය කළ බව සිසිර කුමාර මහතා පැවසීය.

දරුවන් තිදෙනෙකුගේ පියෙකු වූ ඔහු විදුලි කාර්මිකයකු මෙන්ම පෙදරේරු රැකියාවේ නිරතවන්නෙකි. නිවසේ සිටින අවස්ථාවන්හිදී ඔහු විවිධ දෑ නිෂ්පාදනය කරන බව කීය.

මෙම වාහනයේ ගියර්,තිරිංග,විදුලි පහන්,පසුපසට ගමන් කිරීමට ආරක්‍ෂිත බද පටි ආදී වාහනයකට අවැසි සියලු උපාංග මේ ජීප් රථයේ පවතී.

කුඩා කාලයේ හෙළිකොප්ටරයක් නිෂ්පාදනය කළ බවත් පසුව කුඩා යතුරුපැදි එන්ජිමක් උපයෝගී කරගෙන පුද්ගලයන් දෙදෙනකුට ගමන් කළ හැකි කුඩා රථයක් නිෂ්පාදනය කළ බවත් පසුව ඔවුහු පස් දෙනෙකුට ගමන් කිරීමට හැකි ඉතා ශක්තිමත් මෙම ජීප් රථය නිපදවා තිබේ.

මේ වන විට ධාවන තත්වයේ පවතින මෙම ජීප් රථය ඕනෑම අයකුට පරීක්ෂා කර බලා අඩු මුදලකින් තමාට මෙවැනි ජීප් රථ තවදුරටත් නිෂ්පාදනය කළ හැකි බවත් රජයේ හෝ පෞද්ගලික ආයතනයකින් උදව් උපකාර කරන්නේ නම් මෙරට තුළම මෙවැනි ජීප් රථ නිෂ්පාදනය කළ හැකි බව හෙතෙම සඳහන් කර සිටියේය.

ත්‍රිරෝද රථවල යොදන ටයර් සහ ගරාජ් වලින් ඉවතලන විවිධ කොටස් සොයාගෙන ඉදිරිපසට සහ  පසුපසට ද ගමන් කිරීම සාමාන්‍ය වාහනයක තත්වයේ පවතී.

මෙතෙක් මෙම ජීප් රථය පිළිබඳව කිසිවකුගේ අවධානයක් යොමු නොවුණු බවත් ඕනෑම අයකුට තම නිවසට පැමිණ මෙය පරීක්ෂා කිරීමට හැකි බවද ඔහු කියා සිටී.

ලියාපදිංචි අංකයක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයේ පසු වුවද තම ප්‍රදේශයේ පවුල සමඟ ගමන් බිමන් යෑම සිදු කරන බවත් විශාල මුදලක් වියදම් කර විදේශ රටවලින් ගෙන්වන  වාහන අතරට සංචාරක කෂේත්‍රයට සහ පවුලේ වාහනයක් ලෙස මෙරට දීම තමන්ට මෙම ජීප් රථය නිෂ්පාදනය කිරීමට හැකියාව පවතින බවද ඒ සදහා රජයේ සහයෝගය අවැසි බව හෙතෙම පෙන්වා දුන්නේය.

 

(ඡායාරූප හා සටහන උපුටාගැනීම – ලංකාදීප)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article