Saturday, May 18, 2024

ඡන්දයෙන් තේරී පත්වූ ලොව වයස්ගතම නායකයා මැලේසියාවෙන්

Must read

මහජන ඡන්දයෙන් තේරී පත්වූ ලොව වයස්ගතම රාජ්‍යපාලකයා වීමට මැලේසියාවේ නව නායක මහතීර් මොහොමඩ් මහතා පසුගියදා සමත්වූණා. 92 හැවිරිදි වියේ පසුවන හිටපු අගමැති මහතීර් මහතා දේශපාලනයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව නැවතත් පසුගියදා අවසන් වූ මැලේසියානු මැතිවරණයට තරග කලේ පසුගිය කාලයේ ඔහුගේ සමීපතමයෙකු වශයෙන් කටයුතු කල මේ වන විට දූෂණ චෝදනාවන්ට ලක්ව සිටින නජීබ් රසාක්ට විරුද්ධව විපක්ෂයෙන් වීමත් විශේෂත්වයක් විය. මෙම ජයග්‍රහණයේ තවත් විශේෂත්වයක් වන්නේ වසර 1957 සිට මලේසියානු රාජ්‍යයේ බලය හෙබවූ බරීසන් ජාතික සන්ධානයේ ( Barisan Nasional (BN) coalition )බලය මෙම ජයග්‍රහණයත් සමග අහෝසි වීමයි.

ඡන්ද ප්‍රථිඵල වලට අනුව මහතීර් මොහොමඩ් මහතා ඉදිරිපත් වූ ” බලාපොරොත්තුවේ සන්ධානය ” ( Pakatan Harapan – the Alliance of Hope) ආසන 222 අතරින් අාසන 113ක බලය තහවුරු කරගැනීමට සමත්වී ඇත. නජීබ් රසාක් මහතාගේ පක්ෂයට ලබාගැනීමට හැකිවී ඇත්තේ ආසන 79ක බලය පමණි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article