Sunday, May 19, 2024

ගෝඨාගේ පුවත : ‘සත්හඬ’ කතුවරුන් අත්අඩංගුවට !

Must read

deepthi new

තොරතුරු දැන ගැනීමේ පනතේ 5 වන වගන්තිය යටතේ ‘සත්හඬ’ පුවත්පතට හා එහි කතුවරුන්ට එරෙහිව නීති ප්‍රකාරව ක්‍රියා කිරීමට යන බව වාර්තා වේ.

ඒ, ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පළුදු කිරීමේ චෝදනාව මතය.

‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවිය ඒ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් පළකර ඇත.

‘සත්හඬ’ පුවත්පත සහ ඔවුනට අයත් වෙබ් අඩවිය විසින් රාජ්‍යයන් දෙකක රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයන්ද අපහසුතාවයට පත් කරමින් “ඇමරිකා ගිය FCID ලොක්කා නූලෙන් බේරෙයි !“ යන පුවතක් පළකිරීම හා ඒ සම්බන්ධයෙන් වූ පෝස්ටරයක්ද රට පුරා අලවා ප්‍රදර්ශනය කිරීම බරපතල කාරණයක් බව එම වෙබ් පුවතේ දැක්වේ.

ලංකාව විදේශ රටක් සමග පවත්වාගෙන යන රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පළුදු කිරීමේ තොරතුරු ප්‍රචාරය කිරීමට නොහැකි බව තොරතුරු දැන ගැනීමේ පනතේ 5 වන වගන්තියේ සඳහන් වන බව ‘ලංකා ඊ නිව්ස්’ එම විශේෂ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

භයානක නාටකය නිමා කිරීමට:

යහපාලන ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පනතක් මගින් නීති ගත කෙළේ මහජනතාවට සත්‍ය තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීමට බවත්, කොහේවත් යන ජඩමාධ්‍ය කාරයන්ට අමූලික කෙප්ප කෙළීමට අයිතියක් ලබා දීමට නොවන බවත් ‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවිය අවධාරණය කර සිටියි.

එබැවින් ජඩමාධ්‍ය කාරයන් කරගෙන යන භයානක නාටකය නිමා කිරීමට මහජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය සඳහා ක්‍රියා කරන බලධාරීන් කටයුතු කළ යුතු බවත්, නැතිනම් කෙතරම් නීති අලුතින් හඳුන්වා දුන්නත් මහජනතාවට සෙතක් නොවන බවත් එම වෙබ් අඩවිය පවසයි.

IMG 1945එම වෙබ් අඩවිය එම කරුණ අවධාරණය කර ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකර ඇති දූෂණයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ඇමරිකාව බලා ගිය FCID යේ ජ්‍යෙ.නි. පොලිස්පති රවි විද්‍යාලංකාර සහ ප්‍රධාන පො.පරීක්ෂක අනුර ප්‍රේමරත්න දෙදෙනා ඇමරිකානු එෆ්බීඅයි නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට ගිය බවත්, ඔවුන් නූලෙන් බේරුනු බවත් සඳහන් කරමින් පසුගිය ඉරිදා ‘සත්හඬ’ පුවත්පතේ පලවී තිබු පුවත සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

පීපල්ස් පවර් මිඩියා (පෞද්ගලික) සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ‘සත්හඬ’ පුවත්පතේ කතුවරයා ලෙස දීප්ති කුමාර ගුණරත්න මහතා කටයුතු කරන අතර සුභාෂ් ජයවර්ධන මහතා එහි නියෝජ්‍ය කතුවරයා වේ. දීප්ති කුමාර ගුණරත්න මහතා ‘පෙරටුගාමී පක්ෂයේ’ නායකයා ද වේ.
සබැඳි පුවත් :

ගෝඨාගේ පුවත බොරු – ‘කෙප්ප කෙළීන්න දෙන්න බැහැ ‘ – ඊ නිව්ස්

FCID ලොක්කගේ කතාව ගෝඨාගේ ප්‍රබන්ධයක්

ඇමරිකා ගිය FCID ලොක්කා නූලෙන් බේරෙයි !

sathhada

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article