Friday, May 3, 2024

ගුවන්විදුලි තරංග භාවිතා කරමින් රථවාහන හදුනාැනීමේ වැඩපිළිවෙල මේ වසරේදි

Must read

ගුවන්විදුලි  තරංග භාවිතා කරමින් රථවාහන හදුනාැනීමේ වැඩපිළිවෙල මේ වසර අවසානයේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ කොමසාරිස් ජෙනරාල් ඒ.එච්.කේ.ජගත් චන්ද්‍රසිරි මහතා සදහන් කරයි. මෙම ක්‍රමය යටතේ වාහන නැවැත්වීමකින් තොරව වාහන හදුනා ගැනීමට මෙන්ම වාහනයේ තොරතුරු ලබාගැනීමටද පොලීසියට හැකියාව පවතී.

මෙම වැඩපිළිවල ක්‍රියාත්මක වීම ආරම්භ වීමෙන් අනතරුව අළුතින් ලියාපදිංචි කෙරෙන වාහන සදහා මෙම හදුනාගැනීමේ නව ස්ටිකරය ලබාදෙන අතර වාහනයේ හිමිකරු මාරුවන අවස්ථාවන වලදීද මෙම නව ස්ටිකරය ලබාදීම සිදුවේ. රජය නියම කරන කාල සීමාවකින් පසු මෙම ස්ටිකරය වාහනයක අලවා පැවතීව අනිවාර්ය කිරීඹ සිදුකරනු ඇත.

මෙම ක්‍රමය මේ වන විට මැලේසියාව,ඩුබායි,ඉන්දියාව,සිංගප්පූරුව,ඇමරිකාව හා බොහෝ යුරෝපීය රටවල භාවිතා කරන ක්‍රමයකි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article