Sunday, May 19, 2024

ගෑස් මිළ වැඩිකරන්න ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ඉල්ලිමක් …

Must read

කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 850කින් ඉහළ දැමීමට රජයෙන් ඉල්ලීම් කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පැවසු බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ණයවර ලිපි විවෘත කිරීමට සහ ගෙවීම් සිදුකිරීමට පැවති ගැටලු හේතුවෙන් පසුගිය දින කිහිපයේදී ප්‍රමාණවත් තරම් ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කෙරුනේ නැති බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

ලිට්‍රෝ සමාගම පැවසුවේ ඉකුත් දින දෙක තුලදී ලක්ෂ 2ක පමණ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කළ බවය.

ඉන්ධන මෙන්ම ගෑස් මිලද මේ අනුව ඉහල දැමිමට බොහෝ දුරට ඉඩ ඇති අතර ඒවැනි මිළ වැඩිකිරිමක් යළිත් වරක් විශේෂයෙන්ම ආහාරවල මිළ  වැඩිවිමකට තුඩු දෙනු නියතය.


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article