Friday, May 3, 2024

කෝටි හතරේ වාහන ගැන ජනමාධ්‍ය නි.ඇමති කතා කරයි

Must read

karunaජය විසින් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කොටසකට  ගෙන්වීමට සූදානම් වන මිළ අධික වාහන සම්බන්ධයෙන්  රටේ ජනතාව තුළත් ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළත් කතාබහක් මේ වනවිට ඇතවී තිබේ. මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයට එල්ලවී ඇති විවේචන  වෙත පිළිතුරු සපයමින් නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා විසින් සිය බ්ලොග් අඩවිය වන ‘‘ සතර දිගන්තයේ ‘‘ අදහස් පළකොට තිබේ.
පහත පළවන්නේ ඔහුගේ බ්ලොග් සටහනෙන් උපුටාගත් කොටසකි.
” ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මේ නව වාහනය ගෙන්වන්නේ ජන මාධ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාට මිස පුද්ගලිකව මට නොවේ. එය අමාත්‍යංශයේ දේපළකි. මගෙන් පසුව එන නියෝජ්‍ය ඇමැතිවරුන්ටද මා  කළා මෙන්ම මෙම වාහනය තමන්ගේ  නිල රථය ලෙස යොදා ගත හැකිය .
පැරණි ක්‍රමය යටතේ රජයට වාහන ආනයනය කිරීමේදී බදු මුදල් සදහන් කිරීමක් සිදු නොවිණි . දැන් ක්‍රමය යටතේ සදහන් කෙරෙයි. ලක්ශ 70 කෝටි හතර  වන්නේ  ඒ අනුවය. එය පොල්ගෙඩි අකුරින් පල කිරීම විනා පසුබ්ම් විස්තර ගැන සොයන්නට මේවා පල කරන අය යොමුවන්නේ නැත.
අපට අවලාද නගන්නවුන්ට කිව යුත්තේ අපට රථ  ගායක්  හෝ අලුත් වාහන මේනියාවක් නැති බවය. මේවා අපට පැවරුණු වගකීම් ඉටු කිරීමට ඉවහල් වන උපකරණ පමණි. අපගේ ජීවන පරමාර්ථ  වනාහී පරිභෝජනවාදයකට විනාශ කළ හැකි  සීමාවෙන් එපිට තිබෙන ඒවා බව ඔවුන්ට මතක් කළ යුතුය.”

සම්පූර්ණ සටහන
http://satharadiganthaya.blogspot.com/2017/03/blog-post_26.html?spref=fb

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article