Saturday, May 18, 2024

කොවිඩ් ආසාදිත රුසියානු ජාතිකයෙකු හමුවීමත් සමග මාතරදී 100 දෙනෙකුට PCR පරීක්ෂණ

Must read

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රුසියානු ජාතිකයෙකු මාතර පොල්හේන ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමග ඔහු නවාතැන් ගෙන සිටි මාතර, පොල්හේන ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, ත්‍රිරෝද රථ රියදුරන් ඇතුළු 100කට අධික පිරිසකගේ PCR පරික්ෂණයන් අද (24) දිනයේදී සිදුකිරිමට නියමිත බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.

මෙලෙස නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වුයේ පසුගිය 13 වෙනිදා මත්තල ගුවන් තොටුපොළට පැමිණි රුසියානු ගුවන් යානාවක ගුවන් සේවා කාර්ය මණ්ඩලයක සිටි සාමාජිකයෙකුට බව මේ වන විට හෙලිව තිබේ.

මෙම ගුවන් යානා කාර්ය මණ්ඩලය අද දිනයේදී යලි චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබු අතර ඊට පෙර ඔවුන් විසින් PCR පරීක්ෂණයට පෙනී සිට ඇත.  එහිදී ඔවුන්ගේ එක් නිලධාරියෙකුට මෙලෙස නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිව තිබේ

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article