Friday, May 17, 2024

කොරෝනාවට මුහුණ දෙන්න පශ්චාත් උපාධිය හදාරන වෛද්‍යවරුන් 400ක් නිදහස් කිරීමට තීරණක්

Must read

සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකල ඉල්ලීමකට අනුව මේ වන විට පශ්චාත් උපාධිය හදාරන වෛද්‍යවරුන් 400 දෙනෙකු කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නිදහස් කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

මීට අමතරව මේ වන විට පවතින කොරෝනා තත්වයට මුහුණදීම සදහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස රාජගිරියේ පිහිටි ආයුර්වේද රෝහල යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර ඊට අමතරව අක්මීමන හා හබරාදුව ප්‍රදේශයේ ද අතරමැදි රෝහල් 02ක් සකස් කිරීමට පියවර ගෙන ඇති බව වෛද්‍ය සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article