Sunday, May 19, 2024

කිසිවෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කරන්නවත් එපා බ්‍රිතාන්‍ය විපක්ෂය ඉල්ලයි.

Must read

liz-mcinnes

බ්‍රිතාන්‍යයෙන් පිටවහල් කෙරෙන ශ්‍රීලාංකිකයන් නැවතත් ශ්‍රීලංකාවට යැවීම සම්බන්දයෙන් නැවතත් සලකා බලන ලෙස බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂය එරට ආණ්ඩුවට බලකර සිටී. ඔවුන් ඉල්ලා සිටින්නේ කිසිදු පුද්ගලයෙකු නැවතත් ශ්‍රී ලංකාවට නොයවන ලෙසටයි.

මේ වන විටත් විශ්වාසභංග දෙකකින් පැරදී සිටියදීත් තම තනතුරු අත්නොහරින මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හමුවේ සියළුම ශ්‍රී ලංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්දයෙන් ඇති අවදානම වඩාත් ඉහළ ගොස් ඇති බව ඔවුන් පෙන්වා දී ඇත. ඒ අනුව එරට ඡායා විදේශ ඇමැතිනී ලිස් මැකිනස් මහත්මිය නිවේදනයක් නිකුත් කොට සදහන් කර ඇත්තේ ශ්‍රී ලාංකිකයන් ආපසු යැවීම අත්හිටුවා ශ්‍රී ලංකාව සම්බන්ධ සරණාගත පිළිවෙත පුනරීක්ෂණයට භාජන කරන ලෙසටයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article