Sunday, May 19, 2024

අධිකරණයෙන් කට්ටි පනිමින් සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද අධිකරණය හමුවට

Must read

ravi.wije

මින් පෙර අවස්ථාවන් කිහිපයකදීම තරුණයින් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස කැදවූවත් එම කිසිදු අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (28) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද පැමිණ ඇත.

මින්පෙර අවස්ථා දෙකකදී ඔහුව අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා වෙත නියෝග නිකුත්කර තිබිණ අතර ඔහුට එරෙහිව පැවැති ප්‍රධාන චෝදනාව වන්නේ නඩුවේ ප්‍රධාන චූදිතයෙකු වන ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි යන අයව නීතිය හමුවට ගෙන ඒම වලක්වා සැගවී සිටීමට ආධාර උපකාර කිරීමය.

අද දිනයේදී සැකකාර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න අධිකරණයට ඉදිරිපත් වනු ඇති අතර එහිදී බොහෝ දුරට ඔහුව අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත්වනු ඇති බවත් දැනගන්නට තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article