Monday, May 6, 2024

අනතුරක් වාර්තාකරන්නට ගිය කිලිනොච්චි මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක් ? කැමරාවටත් බරපතල හානි ?

Must read

niborjan

 ඊයේ රාත්‍රි 9.45 ට පමණ (2016 අප්‍රෙල් 12 ) A 35 පරන්තන් පුනගරි මාර්ගයේ සිදුව තිබුන අනතුරක් වාර්තා කරන්නට ගිය මාධ්‍යවේදියෙකුට එම අවස්ථාව ආවරණය කරන්නට ඉඩනොදි හමුදා කර්නල්වරයෙකු විසින් තර්ජනය කර ඇතැයි වාර්ථාවේ.

එස්.එන් නිබෝජන් ඊයේ රාත්‍රියේ හමුදා වතුර බවුසරයක් සහ ටිපර් රථයක් ගැටිමෙන් සිදුව තිබුන අනතුර වාර්තා කරමින් සිටියදි එම ස්ථානයට සිවිල් ඇදුමෙන් පැමිණ සිට හමුදා කර්නල්වරයෙකු ලෙසින් තමන්ව හදුන්වාගත් අයෙකු විසින් අනතුරු වාර්තා නොකරන ලෙස තර්ජනය කරමින් මාධ්‍යවේදියාගේ විඩියෝ කැමරාව බලහත්කාරයෙන් උදුරාගෙන එහි පටිගතව තිබුන සියළු දර්ශන මකා දමා ඇත.
මෙහිදි කැමරාවේ ලෙන්ස් එකටද බරපතල හානි සිදුව ඇතැයි වාර්ථා වේ.
මේ සිදුවිම සම්බන්ධයෙන් නිබෝජන් විසින් ඊයෙ රාත්‍රි 10.30 ට පමණ කිලිනොච්චි පොලිස් ස්ථානයට පැමිණිලි කොට ඇති අතර ඒ පැමිණිල්ල පුනගරි පොලිස් ස්ථානය වෙත යොමුකිරිමට කටයුතු කරන ව කිලිනොච්චි පොලිසියේ නිළධාරියෙකු  දන්වා ඇතැයි කිලිනොච්චි මාධ්‍ය එකමුතුවේ ලේකම් තමිල් සේලවම් මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව වෙත අද පවසා තිබුණි.
ඔහු විසින් තවදුරටත් සදහන් කර සිටියේ කිලිනොච්චියේ මාධ්‍යවේදින්ට සතියක් ඇතුලත පොලිසියට යන්නට සිදුවු දෙවන අවස්ථාව මෙය වන බවයි .
වාර්තාකරණයේදි බලපාන මෙවැනි ගැටළු ගැන කිලිනොච්චිය ප්‍රදේශයේ  ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ප්‍රධානින් කැදවා විශේෂ සාකච්ජාවක් කැදවා මේ ප්‍රශ්ණ ගැන සාකච්ජාවකට මුලපුරන ලෙසද  කිලනොච්චි මාධ්‍ය එකමුතුව මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුවෙන්  ඉල්ලා සිටින ලදි .
www.mediafreedomlk.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article