Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

කිරිපිටි ,ගෑස් මිළ වැඩිවන්නේ ඊළග කැබිනට් රැස්විමෙන්ද ?

Must read

ඊයේ පැවැති කැබිනට් රැස්විම ගැන රටම බලා සිටියේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිපයක මිළ වැඩිකිරිමට ජිවන වියදම් කමිටුව විසින් ගෙන තිබුණ තිරණය ගැන ප්‍රතිචාරය දැනගැනිමටය.
ඊයේ දිනයේ ගෑස් මිළ රජය විසින් වැඩි කරනු ඇතැයි සිතු ව්‍යාපාරිකන් සුපුරුදු පරිද්දෙන් කපටියන්ට ඇන්දේය. බොහෝ තැන්වලදි ගෑස් හැංගුවේය.
ඒහෙත් ඊයේ රැස්වු කැබිනට් මණ්ඩලය කිරි පිටි, ගෘහස්ථ ගෑස්, තිරිඟු පිටි හෝ සිමෙන්තිවල මිල වෙනස්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගෙන නොමැති බව වාර්තාවේ .

මේ අතර, කොළඹ වරායේ සිරවී ඇති ආනයනය කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදාහැරීම සඳහා මහ බැංකුවෙන් අවශ්‍ය මුදල් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය,කර ඇත.

එම තීරණය ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගත් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටි අතර එසේම සහල්, තොග වෙළෙඳාමට සහ සිල්ලර වෙළෙඳාමට පනවා තිබූ මිල පාලනය ද ඉවත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article