Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

කැසිනෝ ජයග්‍රාහී මුදල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂයකට අධික මුදලක් කටුනායකදී අත්අඩංගුවට

Must read

ශ්‍රී ලංකාවේ කැසිනෝ ක්‍රීඩා කර එයින් ජයග්‍රහණය කළ රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂ විසි හතර දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යෑමට තැත් කළ චීන සහ නේපාල ජාතිකයන් සිව් දෙනෙකු අද (17) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිස විසින් ඔවුන් රැගෙන ආ ගමන් මලු තුළ සහ ඇඳ සිටි කළිසම් වල සාක්කු වල මෙම ඇමෙරිකානු ඩොලර් 169,900 සගවා ගෙනසිට ඇති අතර අද උදෑසන 5.40 ට ඉන්දියාවේ මුම්බායි බලා පිටත්ව යන ජෙට් එයාර් වේස් ගුවන් සේවයේ 9W255 දරණ ගුවන් යානයෙන් මෙරටින් පිටත්වීම සදහා ගුවන්තොටුපලට පැමිණ ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article