Monday, September 14, 2026
spot_img

ක්ලීන් ශ්‍රී ලංකා පොළොන්නරුවට ගිය හැටි..

Must read

( 6.30 am )ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය තුළ සීග්‍රයෙන් පැතිර යන ජලජ ශාක ඉවත් කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් අද (02) දී පැවැත්විණි.

මෙම අවස්ථාවට නිවාස නියෝජ්‍ය අමාත්‍ය පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී.සරත් මහතා ඇතුළුව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රත්නසිරි, පද්මසිරි බණ්ඩාර යන මහත්වරුන්ද,
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා ඇතුළු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ ගොවි සංවිධාන වල නියෝජිතයින් රැසක් ද එක්ව සිටියහ.
මෙහිදී විශේෂයෙන්ම නිවාස නියෝජ්‍ය අමාත්‍යය ටී.බී සරත් මහතා ද සක්‍රියව ශ්‍රමදානය සඳහා සහභාගි වී සිටින අයුරු දක්නට ලැබිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article