Saturday, May 11, 2024

කසල තේ ඇසුරුම් නිසා එප්පාවල ඇවිලුන හැටි…..

Must read

විදෙස් රටකින් ප්‍රතික්‌ෂේප කර ගිනිතබා විනාශ කිරීමට නිර්දේශකර තිබූ කසළ තේ තොගයක් රේගුවෙන් මුදාගෙන එප්පාවල ප‍්‍රදේශයේදී කාබනික පොහොර සඳහා කසළ තේ ඉවත් කර එහි ඇසුරුම් ගිනි තැබීමට උත්සාහ කළ අවස්ථාවේ ප‍්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක් උද්ගත වී තිබුණ බව දිවයින වාර්තා කර තිබේ.

රේගුවේ තිබූ ගිනිතබා විනාශ කිරීමට නියමිත කසළ තේ කන්ටේනර් 40කින් 02 ක් ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන් මැදිහත් වී මුදාගෙන එප්පාවල ඇඳගල ප‍්‍රදේශයේ රජයේ වී ගබඩාව වෙත රැගෙන විත් තිබුණි. අනතුරුව එම කසළ තේ පෙට්ටි හා පොලිතින් කවර ගලවා කසළ තේ ඉවත් කර එම පරිශ‍්‍රයේ පෙට්ටි සහ පෙලිතින් ගිනි තැබීමත් සමග අසල නිවෙස්වල දුම්රොටු යෑම නිසාත් ප‍්‍රදේශවාසීන් නොසන්සුන් වී එම ස්ථානයට පැමිණ විරෝධතා දැක්වු බවද වැඩිදුරටත් එම පුවතේ සදහන්ය.
මුලාශ්‍රය සහ ජායා -දිවයින

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article