ඊයේ දිනයේදී අක්කරපත්තුව කල්මුනේ ප්රදාන මාර්ගයේ බිස්කාල් හංදිය අසලදී විශාල ගසක් වාහන කිහිපයක් හා වෙලදසැල් කිහිපයක් මතට කඩා වැටීමෙන් එම වාහන හා වෙලදසැල් වලට හානි සිදුවී ඇත. එලෙසම මෙම සිදුවීමෙන් මාර්ග අවහිරතාවයක්ද ඇතිවූ නමුත් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැත.
මෙම ගස පිලිබදව ජනතාවන් අදාල අයට ලිපි මගින් දන්වා තිබූ නමුත් රජයේ නිලදාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙය සිදුවී ඇති බවට ජනතාව චෝදනා කරයි. .
(මඩකලපුව සමූහ වාර්තාකරු – ජවුෆර්කාන්)