Friday, May 10, 2024

එන්නත්කරණ කාඩ්පත නැතිනම් බස් වල යන්න බැහැ

Must read

කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් කාඩ්පත නොමැතිව බස්නාහිර පළාතේ බස් රථවලට ලබන මාසයේ සිට මගීන් පටවා නොගන්නා බව බස්නාහිර මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසූ බව අරුණ වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

ඒ අනුව බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන් කොවිඩ් එන්නත්කරණය කාඩ්පත සන්තකයේ තබාගැනීම අනිවාර්ය වන අතර කාඩ්පත පරීක්ෂා කර මගීන් බසයට ඇතුළත් කර ගැනීමේ වගකීම කොන්දොස්තරවරයාට පැවරෙන බවද සභාපතිවරයා සදහන් කර ඇත. එමෙන්ම මෙම පියවර අකුරටම ක්‍රියාත්මක කිරීම සදහා කටයුතු කරන බවත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ ජංගම පරීක්ෂකවරුන් මගින් එන්නත් කාඩ්පත් පරීක්ෂා කරවීම් නිරන්තරයෙන් සිදුකරන බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article