Friday, May 10, 2024

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල අද සිට විවෘතයි

Must read

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල වන මාතර, මහනුවර, කුරුණෑගල සහ වව්නියාව යන ප්‍රාදේශීය කාර්යාල  අද (15) දිනයේ සිට විවෘතව තැබෙන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. නමුත් මෙම කාර්යාල විවෘතව පවතින්නේ උදෑසන 09 සිට දහවල් 01 දක්වා පමණක් බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා අවශ්‍යතාවයන් සහිත පුද්ගලයන්ට තමන් පදිංචි ස්ථානයට ආසන්නතම කාර්යාලයට පැමිණ අවශ්‍ය කටයුතු සිදුකර ගැනීමට අවස්ථාව ඇත. එමෙන්ම බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය මගින් එක් දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම පමණක් සිදුකරන බව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

  • මාතර ප්‍රාදේශීය කාර්යාලය 041 5 41 2212
  • මහනුවර ප්‍රාදේශීය කාර්යාලය 081 562 4509
  • වව්නියාව ප්‍රාදේශීය කාර්යාලය 025 567 6344
  • කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය 037 555 0562
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article