Monday, September 14, 2026
spot_img

එකම පවුලේ අක්කා,නංගී හා මල්ලීගේ සිරුරු වගා ළිදකින් හමුවෙයි.

Must read

එකම පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙකුගේ මළ සිරුරු වගා ළිදකින් හමුවීමේ ශෝකජනක පුවතක් ගලේවෙල රන්වැඩියාව, කොස්පොත ඇළ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

අද (19) උදෑසන සිට ළමුන් තිදෙනා අතුරුදන්ව සිටි බැවින්, ඒ පිළිබඳව සොයා බැලීමේ දී එම ළිඳ තුළ තිබී ඔවුන්ගේ සිරුරු හමුව ඇත.

වයස අවුරුදු 15 ක් හා 12 ක් වන ගැහැණු ළමුන් දෙදෙනෙකු හා ඔවුන්ගේ 7 හැවිරිදි සහෝදරයා එලෙස මියගොස් තිබේ.

මෘත ශරීර මේ වන විට ගලේවෙල රෝහලේ තැන්පත් කර ඇති අතර ගලේවෙල පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article