Tuesday, September 15, 2026
spot_img

”යුද සමයේදී අතුරුදහන් වූ සියලු දෙනා විදේශ වල සිටිනවා නම් අපට ඔවුන් හා සම්බන්ධවීමට අවස්ථාවක් දෙන්න”

Must read

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ   කල්මුණෙයි  සම්බන්ධීකාරක අහමඩ් බුර්කාන් විසින් පසුගියදා,  යුද සමයේදී අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබුණි.  ඔහු   සදහන් කර ඇත්තේ   අතුරුදහන් වූ සියලු දෙනා විදේශගතව සිටින බවට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  මහතා කළ ප්‍රකාශය සත්‍යයක් බවයි. මෙම  ප්‍රකාශය  අතුරුදහන්වූවන්ගේ සංගමයේ තම්බිරාසා සෙල්වරාණි මහත්මිය විසින්  ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශයක් පසුගිය 16වනදා සිදුකරන ලදී. එහිදී ඇය ප්‍රකාශ කර සිටියේ අතුරුදහන්වූ අපගේ ඥාතීන් විදේශයන්හී සිටිනවා නම් අපට සම්බන්ධවන්නට ඔවුන්ගේ දුරකථන තොරතුරු නැතිනම් වෙනත් තොරතුරක් ලබාදෙන ලෙසයි. එමෙන්ම ඇය පවසා සිටියේ පොදුජන පෙරමුණේ කල්මුණේ සම්බන්ධීකාරකවරයා අතුරුදහන්වූවන්ගේ ප්‍රශ්නය සිය දේශපාලනය වෙනුවෙන් පාවිච්චි කරන බවයි.


දේවා

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article