Friday, May 17, 2024

එකම දවසේ දෙපාරක් රෝහලෙන් පැන ගිය කොරෝනා රෝගියා

Must read

එකම දිනයේ දෙවරක් තමන් ප්‍රතිකාර ගනිමින් සිටි හෝමාගම මුලික රෝහලෙන් පැන ගිය රෝගියෙකු සම්බන්දයෙන් පුවතක් අරුණ වෙබ් අඩවිය වාර්තා කර ඇත.

මෙසේ එකම දිනයක අවස්ථා දෙකකදී රෝහලෙන් පැන ගොස් ඇත්තේ කොවිඩ් ආසාදනය සදහා ප්‍රතිකාර ලැබීමට හෝමාගම රෝහලට ඇතුලත් කර සිටි රාගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ඊයේ (14) උදෑසන 6.00ට පමණ ප්‍රථම වරට රෝහලෙන් පැන ගොස් ඇති අතර පැයකට පමණ පසුව රෝහලට යාබද නිවසක් අසල  සිටියදී සොයාගෙන රෝහලට රැගෙනවිත් ඇත. ඉන් පසු නැවතත් ඔහු සවස රෝහලෙන් පැන ගොස් ඇති අතර එම අවස්ථාවේදී රෝහලෙන් පැනගොස් මීටර් 500ක් පමණ දුරින් පිහිටි ගලවිලවත්ත දුම්රිය ස්ථානයට යාබද නිවෙසක් අසල රැඳී සිටියදී සොයාගෙන නැවතත් රෝහලට ඇතුලත් කර ඇත

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article