Friday, May 17, 2024

උදයගම්මන්පිල දකුණේ මාධ්‍යවේදීන් සමඟ කුරුඳුර් කන්දේ වන්දනාවක

Must read

 

අධිකරණ නියෝග කඩකරමින් මුලතිව් දිස්ත්‍රික්කයේ  කුරුඳුර් කඳුකර ප්‍රදේශයේ  ඉදිකර ඇති විහාරය පිළිබද  ප්‍රශ්නය මේ වෙනතෙක් විසඳී නොමැත. ෙමම මතෙභ්දකාරී  ස්ථානයට අද (21) පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා දකුණේ මාධ්‍යවේදීන් පිරිසක්ද සමගින් සහභාගී විය.

කුරුඳුර් කන්දේ අධිකරණ නියෝග කඩකරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරාගත් අක්කර 79ක ෙකාටෙස් ඉඩමක බෞද්ධ විහාරයක් ඉදිකර ඇති අතර මීට අමතරව දෙමළ ජනතාවගේ නිජබිම් සහ කෘෂිකාර්මික ඉඩම් ඇතුළු අක්කර 279ක මායිම් වෙන්කර තිබේ. මෙම ඉඩම නිදහස් කරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ජනතාව දිගින් දිගටම ඉල්ලා සිටිනු ලදී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ද්‍රවිඩ ජනරජ පක්‍ෂය සහ ජනාධිපතිවරයා අතර පසුගියදා පැවති සාකච්ඡාවේ දී තුළ  ජනාධිපති අසන ලද ප්‍රශ්න වලට  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට පිළිතුරු දීමට නොහැකිවිය.

මේ පසුබිම තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී උදයගම්මන්පිල  මහතා අද (21) මුලතිව් දිස්ත්‍රික්කයේ කුරුඳුර් කන්දේ දකුණු ප්‍රදේශයේ සිට  මාධ්‍යවේදීන් රැසක් සහ හිමිවරුන් කිහිප දෙනෙකු සමඟ එම ප්‍රදේශයට පැමිණියේය.

ඉන් අනතුරුව   මන්ත්‍රීවරයා සහ පිරිස අභිනවයෙන් ඉදිකරන ලද කුරුඳුර් කඳු විහාරය වැඳපුදා ගත්හ.ඔවුන් දිගටම බෞද්ධ චාරිත්‍ර ඉටු කළ අතර කුරුඳුර් කඳුකරයේ බොහෝ ස්ථානවලට ගියහ.ඉන් අනතුරුව  පාර්ලිමේන්තු මන්ත්‍රී උදයගම්මන්පිල මහතා මාධ්‍ය වෙත අදහස් දක්වන ලදි.
 

එම අවස්ථාවට ගිය ද්‍රවිඩ මාධ්‍යවේදීන්ට පරීක්‍ෂකවරුන් සහ එහි පැමිණි නාහිමිවරුන් විසින් ඡායාරූප හා වීඩියෝ ගතකරමින් මෙම ප්‍රශ්න මාධ්‍යයට ගෙන ගොස් ප්‍රශ්න ඇති කරන ඇතැම් දෙමළ මාධ්‍යවේදීන් පෙන්වා තර්ජනය කර ඇත.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article