Saturday, May 18, 2024

කුරුන්දුර් ජල පෝෂක ඉඩම් ජනතාවට දෙන ලෙස ඉල්ලා විරෝධතා

Must read

මුලතිව් දිස්ත්‍රික්කයේ පිහිටි  කුරුඳුර්මලේ කදුවැටියේ පිහිටි  අනවසර ඉදිකිරීම්වලට එරෙහිව හා  ජලයෙන් යටවී ඇති ඉඩම් නිදහස් කරන ලෙසත් එම ඉඩම් වල  ජනතාව නැවත පදිංචි කරන ලෙසත් බලකරමින් උද්ඝෝෂණයක් අද එම ප්‍රෙද්ශයේදී පැවැත්විනි. කුරුඳුර්මලේ අනවසර ඉදිකිරීම්වලට එරෙහිව සහ ජල පෝෂක ප්‍රදේශයේ අත්පත් කරගෙන සිටින ඉඩම් නිදහස් කර ජල පෝෂක ප්‍රදේශයේ නැවත පදිංචි කරන ලෙස බලකරමින් මෙම විරෝධතාව පැවැත්විණි.

සැලසුම් කර ඇති සිංහලකරණ හා බෞද්ධාගමික කටයුතුවලටද විරෝධතාකරුවන් දැඩි විරෝධය පළ කළහ.

මෙම ඉදිරිපත් කිරීම සඳහා හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් වන දුරෙයිරාසා රවිකරන්, කාන්තය සිවනේෂන්, පුදුකුඩිරිප්පු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඊ.සත්‍යසීලන්, ශ්‍රී ලංකා තමිල්අරසු පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු වන පිටර් ඉලංචෙලියන් , සමාජ ක්‍රියාකාරීන් සහ මහජනතාව එක්ව සිටියහ.

ෂන්මුගම් තවසීලන්.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article