Saturday, May 18, 2024

උදයංගගේ කැට කථාව සහ රනිල්ගේ ජනපති සටන ..

Must read

එස්තෝනියාවේ සිට මෙරට දක්වා ඍජු ගුවන් ගමන් වාරයක් පළමුවරට පසුගිය 21 වනදා  රාත්‍රියේ ක්‍රියාත්මක කරනු ලැබිණි.

එස්තොනියාවේ ටැලීන් සිට මගීන් 117 දෙනෙකු රැගෙන SkyUP ගුවන් සේවයට අයත් ගුවන්යානයක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි තිබුණි

මෙහි දී අදහස් දක්වා තුබුණු  රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අනුව  සතියකට ගුවන්යානා 05කින් රටවල් 06කට අයත් සංචාරකයන් 16,500 දෙනෙකු මෙරටට රැගෙන ඒමට නියමිතය

ඒ හරහා ඩොලර් මිලියන 25ක් බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කර ඇත

මේ අතර, එස්තෝනියාවේ සිට මෙරට දක්වා ඍජු ගුවන් ගමන් වාර ගැන පමණක් නොව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ගැනද විරතුංග විසින් අදහස් දක්ව තිබුණි.

විරතුංගට ජනපති  වික්‍රමසිංහ ගැන පැහැදිමක් නැති බවත්  ආර්ථිකය ගොඩනැංවීම පිළිබඳ ක්‍රියාකලාපය ගැන විශ්වාසයක් නැති බවත් කියා තිබුණි

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ අදහස් දැක්වූ  වීරතුංග සඳහන් කර තිබුණේ , රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවෙන් තරග නොවදින බවත් එසේම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සටනට නොඑන බව කැට තියා ප්‍රකාශ කළ හැකි බවත්ය.

උදයංග විරතුංග යනු රාජපක්ෂ පවුලේ ඉතා කිට්ටු හිතෛෂිවන්තයෙකු වන අතර ඒ පවුල හා එක්ව කුප්‍රට ගණුදෙන රැසක මැද පුරුකක් ව සිටි අයෙකු බව මුළු ලෝකයාම දන්නා කරුණකි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article