Monday, May 20, 2024

නැගෙනහිර ප්‍රශ්න ගැන ජනපතිගේ අවධානයට

Must read

අද (21) පස්වරු 03.00ට ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් උතුරු නැගෙනහිර දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජනාධිපතිවරයා සහ නිලධාරීන් අතර හමුවක් පැවැත්වුණා. මෙහි දී සත්‍යය, එකමුතුකම සහ ප්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවීමේ සැලැස්මක් සියලු දෙනා සමඟ බෙදා ගන්නා ලදී. ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවේදී එය නීතියක් බවට පත් කිරීම ගැන සාකච්ඡා කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරම් මහතා  මෙම රැස්වීමේදී  අදහස් දක්වමින්
ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් නිදහස් කිරීම, මයිලත්තමඩු කිරිගොවීන්ගේ ප්‍රශ්නය, ප්‍රාදේශීය සභා තාවකාලික සේවකයන් ස්ථිර කිරීම, 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම, සංවර්ධන කටයුතු ඇතුළු විවිධ කරුණු රාශියක්  ජනාධිපතතිවරයොගේ අවධානයට ලක්කළා.

ඊට අමතරව විවිධ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර සංවර්ධන කටයුතු පිළිබඳව ද සාකච්ඡා කෙරුණා. පූනග්‍රි හි සූර්ය හා සුළං ව්‍යාපෘති, ඉන්දියාව සමඟ ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම, ඉන්දියාවෙන් නළ මාර්ගයෙන් විදුලිය හා ඉන්ධන ගෙන ඒම, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් මාර්ගය ද සකස් කරන බවටද අදහස් පළවිය.

මෙහිදී  ජනපතිගේ අවධානයට ලක්කළ කාරණා අතර විශේෂයෙන්ම ත්‍රස්ත මර්දන පනත යටතේ දෙමළ තරුණයන් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීමත් පසුගිය නොවැම්බර් මාසයේදී මඩකලපුවේදී පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීම පිලිබදවත් සාකච්ඡා විය.

මඩකලපුවේ මීට වඩා වෙනස් තත්ත්වයක් පවතින බවත්, මඩකලපුවේ පොලිසියේ සහ ආරක්ෂක අංශවල ක්‍රියාකාරකම් කිසිසේත්ම යෝග්‍ය නොවන බවත්  නැගෙනහිර දේශපාලන නියෝජිතයින් අදහස් පළ කළා. අත් අඩංගුවට ගත් අය කඩිනමින් නිදහස් කිරීම  ක්‍රියාමාර්ග ගන්නා බවට ද ජනපති පොරොන්දු විය.

ඒ වගේම ඉඩම් ගැටලු පිළිබඳවත් සාකච්ඡා කළා. මෙහිදී  මයිලත්තමඩුවට  තෘණ භූමි වල ප්‍රශ්නය ගැන දැනුම් දුන් අතර  ඒ සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් තීරණයක් ගන්නා බවද ඔහු කියා සිටියේය.

ඒ වගේම ප්‍රාදේශීය සභා බොහොමයකින් තාවකාලික පදනමින් සේවය කරන සේවකයන් ස්ථිර කරන්න කියලා   අපේ ඉල්ලීම ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් තමන් ක්‍රියා කරන බවද ඔහු පැවසීය.

ඊට අමතරව කල්මුණේ උතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කලෙයියරසන් මහතා දැනුම් දුන්නා. එම ප්‍රශ්නයට ස්ථීර විසඳුමක් කඩිනමින් ලබාදෙන බවද ඔහු පැවසීය.

 

එල්.තේවාදිරන්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article