Sunday, May 5, 2024

උතුරේත් දකුණේත් ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් සිහිපත්කරමින් යාපනයේදී ස්මාරකයක් විවෘත වේ

Must read

CM signminister sign 1jaffna memorial1jaffna memorialKaru P sign
ඝාතනයට ලක්වු මාධ්‍යවේදින්ගේ ස්මාරකය මාධ්‍යවේදි නිමල රාජනගේ පියාද එක්ව සිටිෙය්ය.
ඝාතනයට ලක්වු මාධ්‍යවේදින්ගේ ස්මාරකය
මාධ්‍යවේදි නිමල රාජනගේ පියාද එක්ව සිටිෙය්ය.

jaffna memorial 3

තල්පතයි පන්හිදයි යා කෙරුණ සංහිදියාවේ චාරිකාවේ සුවිශේෂිතම අවස්ථාව වි තිබුනේ උතුරේත් දකුණෙත් ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් සිහිපත් කරමින් ඉදිකෙරුණු ස්මාරකය යාපනය නගර මධ්‍යයේදී විවෘත කිරීමයි.
මෙම ස්මාරකය උතුරු පළාත් සභා මහ ඇමති සි.විග්නේෂ්වරන් මහතා සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක අතින් විවෘත කිරිම අති සුවිශේෂි මොහොතක් ලෙසින් ඉතිහාසයේ  සනි‍ටුහන් වනු ඇත.
මහින්ද රාජපක්ෂ සමයේ උතුරේ ඇති සියළු ස්මාරකයන් බිමට සමතලා කරදමන ලද පසුබිමක ඝාතනයට ලක්වුවන් වෙනුවෙන් උතුරේ ඉදිකෙරුන පළමු ස්මාරකය වන්නේද මෙයයි.
මෙම අවස්ථාව සදහා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතානද එක්සිටින ලදි.උතුරේත් දකුණේත් මාධ්‍යවේදනි විශාල පිරිසක් මේ අවස්තාවකට එක්ව සිටියහ.මේ සියල්ලෝම  ඔවුන්ගේ අත්සන්ද එම ස්මාරකයේ තබමින් මේ ඓතිහාසික අවස්ථාවට එක්ව සිටියහ.
දකුණේ ඉතාමත් සමිපතම මාධ්‍ය සගයෙකු වු 1996 වසරේදි ඝාතනයට ලක්යු නිමලරාජන්ගේ පියාණන්ද මේ අවස්ථාවට එක්ව සිටිමද තවත් විශේෂත්වයක් විය.
LTTE පාලන සමයේදී යාපනය ප්‍රදේශයේ සංචාරයක යෙදුණු විජය කුමාරතුංග මහතාගේ එම සංචාරය සිහි වනු පිණිස යාපනය නගරයේ ඉදිකල ස්මාරකය අසලම මාධ්‍යවේදින්ගේ මේ ස්මාරකය ඉදිකර තිබිමත් මෙහිදී විශේෂ කරුණක් විය.ඉන් වසර 30 කට පමණ පසුව දකුණේ සිට උතුරු බලා ගිය සංහිදියාවේ චාරිකාවකට එක්ව සිටි මාධ්‍යවේදින් හට මෙම අවස්ථාව විශේෂිතවම වු අවස්ථාවක්ව තිබිණි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article