Sunday, May 5, 2024

සංහිඳියාව නොරුස්සන පත්තරකාරයෝ ?

Must read

 දෙවන සංස්කරණය
උතුරු – දකුණු මාධ්‍ය
සහෝදරත්වය යා කරන
සංහිඳියාවේ චාරිකාවට
වවුනියාවේදී විරෝධය
යාල්දේවියේදී මාධ්‍යවේදීන්ට කුඩම්මාගේ සැලකිලි
ජනමාධ්‍ය අමාත්‍යාංශය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්‌ව සංවිධානය කළ ‘දකුණේ මාධ්‍ය සහෝදරත්වය හා උතුරේ මාධ්‍ය සහෝදරත්වය යා කරන සංහිඳියාවේ චාරිකාව’ පෙරේදා (26 දා) යාල්දේවි දුම්රියෙන් යාපනයට ගිය ගමන අතර යාල් දේවි දුම්රිය වව්නියාව දුම්රිය ස්‌ථානයට පැමිණි අවස්‌ථාවේ එහි රැඳී සිටි වව්නියාව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක හා නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන්ට සිය විරෝධය පළකරන්නට වීමත් සමඟ දැඩි උණුසුම් වචන හුවමාරුවක්‌ ඇති විය.
(දිවයින පුවත්පත  2016 මාර්තු 28 )
apura station
අනුරපුරයෙදි මහත් හසරින් මාධ්‍ය ඇමතිවරයාව පිළිගැනිම

වව්නිායවේදි ලක්බිම පුවත්පතේ සනත් ප්‍රියන්ත මාධ්‍ය ඇමතිවරයාව ප්‍රශ්ණ කළ අවස්ථාව
වව්නියාවේදි ලක්බිම පුවත්පතේ සනත් ප්‍රියන්ත මාධ්‍ය ඇමතිවරයාව ප්‍රශ්ණ කළ අවස්ථාව
කිලිනොච්චියේදි මහත් හරසරින් ජනමාධ්‍ය ඇමතිවයාව පිලිගැනිම
කිලිනොච්චියේදි මහත් හරසරින් ජනමාධ්‍ය ඇමතිවයාව පිලිගැනිම

උතුරු දකුණු මාධ්‍ය සහෝදරත්වය නොරුස්සන පත්තරකාරයෝ පිරිසක් සිටිති.
එවැනි මාධ්‍යකරුවන් දෙදෙනෙකු වව්නියාව දුම්රිය පළේදි යාල්දේවියෙන්   දකුණේ සිට පැමිණි ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලකට  ප්‍රශ්ණයක් යොමුකලේය.
ඒ තමන් මේ ගමන ගැන කිසිවක් දන්නේ නැති බවත් දැනගත්තේ අද උදෑසන බවත් කියමින්ය.මේ ගමන ගැන තමන්ටද දැනුම් දුන්නේ නැත්තේ ඇයිදැයි ඔවුන් ප්‍රශ්ණ කර සිටියේය.
තල්පතයි පන්හිදයි යා කරන උතුරු දකුණු මාධ්‍ය සහෝදරත්වයේ චාරිකාව ගැන සතියක් තිස්සේ විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලබාදි තිබුණි.
තතු එසේව තිබියදි සනත් ප්‍රියන්ත නම් වු ලක්බිම පුවත් පතේ මාධ්‍යවේදියා ප්‍රශ්ණයක් යොමුකරමින් කියා සිටියේ මේ ගැන කිසිවක් නොදන්නා බවය.
ඔවුන්ට අවැසිව තිබුනේ එහිදි කලබලයක් ඇති කරමින් මේ චාරිකාවට කෙසේ හෝ එරෙහි වන්නටය.
එය කල් ඇතිව සුදානම්ව තිබු සැලැස්මක් බව පෙනි යන්නේ මාධ්‍යවේදින් රැගත් දුම්රිය කොටුව දුම්රිය පලෙන් පිටත්වන්නට මොහොතක් තිබියදි මේ ගමනට සම්බන්ධ වන්නට පැමිණ සිටි ලක්බිම පුවත්පතේ නිමල්සිරි එදිරිසිංහ අප වෙත කියා සිටි එක් ප්‍රකාශක්  හේතුවෙනි.
එනම් වව්නියාවේ මාධ්‍යවේදින් පිරිසක් මේ උතුරු දකුණු මාධ්‍ය සහෝදරත්වයේ චාරිකාවට එරෙහිව උද්ඝෝෂණයක් කිරිමට සුදානමින් සිටින බවය.
ඒ අනුව අපට ඉතා පැහැදිලිව පෙනි යන්නේ මේ සිදුවිම කල් ඇතිව සැලැසුම් කරන ලද එකක් බවය.
උතුරු දකුණු සහෝදරත්වය දැන් ඉවසා දරාගත නොහැකි මාධ්‍ය කණ්ඩායම් කියපයක්ද මේ පිටුපස සිටින බව දැන් අපට පැහැදිලිය.
කෙසේ වෙතත් මෙහිලා සදහන් කළ යුතු එක් ප්‍රධාන කරුණක් වේ.
එනම් දමිල බස කථාරන බහුතරයක් වෙසෙන කලාපයකට අවතිර්ණ වන දොරටුව වැටි ඇති වව්නියාව දුම්රිය පළේදි යාල්දේවියෙන් එහි පැමිණෙන ජනමාධ්‍ය ඇමතිවරයා සහ නියෝජ්‍ය ඇමතිවරයා පිළිගැනිම සදහා මල්මලා රැගෙන පැමිණ සිටි පිරිසක් එහි විය.
එපමණක් නොව උතුර බලා යන දකුණේ මාධ්‍ය සගයන් වෙත බෙදාදිම සදහා උළුඳු වඩ පෙට්ටියක්ද ඔවුන් විසින් රැගෙන විත් තිබුණි.
එහෙත් ඒ කිසිවක් තමන් සැලැසුම් කළ අයුරින් කරගන්නට ඉඩ නොලැබෙන්නේ ජාතිවාදයට එදත් අදත් ආවඩන දඩයම් මාධ්‍යකරුවන් දෙදෙනෙකුගේ  මැදිහත්විම නිසාය.
එබැවින් දමිල බස කථා කරන දමිල ජනයා වෙසෙන කලාපයට යන දකුණේ මාධ්‍ය සගයන්ට දිම සදහා රැගෙන ආ වඩේ පෙට්ටි ටිකත් මයිලෝ පැකට් ටිකත් යළිත් රැගෙන යන්නට ඒ දමිල මාධ්‍යවේදින්ට සිදුව තිබුණි.
ඒ ගැන ඔවුන් වෙත ඇත්තේ දරාගත නොහෙන සිත් තැවුලකි.
තතු එසේව තිබියදි  දිවයින වැනි පුවත්පත් වලට වැදගත් වෙන්නේ යාල්දේවියෙන් ජනමාධ්‍ය ඇමති නියෝජ්‍ය ඇමති සමගින් මාධ්‍යවේදින් 110 දෙනෙකු උතුරට යන පුවතට වඩා වව්නියාව දුම්රිය පළේදි කල්ඇතිවම කබලයක් නිර්මාණය කරන්නට බලා සිටි මාධ්‍යවේදින් දෙදෙනෙකුගේ සංහිදියාව නොරුස්සන නොසන්ඩාලකම් ය.
මේ අවස්ථාවට එක්ව සිටි වව්නියාවේ තවත් මාධ්‍යවේදියෙකු රතු පිත්ත පටියකින් ගැට ගැසු පොත් මිටියක්ද ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන මහතා වෙත භාර දි තිබුණි.එමෙන්ම දකුණේ මීකිරි මෙන්ම කැවිලි පෙවිලද එහි රැස්ව සිටි වව්නියාවේ මාධ්‍යවේදින් වෙත ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා මෙන්ම නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන මහතා විසින් ලබාදි තිබුණි.එහෙත් දිවයිනට සහ තවත් එවැනි පුවත්පත් කිපයකට වැදගත්ව තිබුනේ වව්නියාව දුම්රිය පළේ සිටි මාධ්‍යවේදින් දෙදෙනෙකුගේ කලින් සැලසුම් කරන ලද න්‍යාය පත්‍රය පමණි.
ජාතිවාදින්ට අවැසි නොවන  සංහිඳියාව උතුරු දකුණු මාධ්‍ය සහෝදරත්වයට  පෙම් බදින මාධ්‍යවේදින්ට කොයිතරම් නම් අගේදැයි පෙනි යන්නේ කිලිනොච්චි දුම්රිය ස්ථානයේදි දමිල මාධ්‍යවෙදින් විසින් ජනමාධ්‍ය ඇමතිවරයා පිළිගත් උණුසුම් ආකාරය දකින විටය.
එවැනිම වු උද්යොගයකින් සිටි වව්නියාවේ දමිල මාධ්‍යවේදින් හට එය අහිමිව යන්නේ සනත් ප්‍රියන්තලා වැනි උතුරු දකුණු මාධ්‍ය සහෝදරත්වය නොරුස්සන අය නිසාවෙනි.
තවත් එක් දෙයක් මෙහිලා සටහන් කළ යුතුව තිබේ.
එනම් දිවයින පුවත්පතේ බංකොලොත් පත්තර කලාව ගැනය.
යාල්දේවියෙදි මාධ්‍යවේදින්ට කුඩම්මාගේ සැලකිලි යැයි කියමින් සටහන් කර ඇති ශිර්ෂ පාඨයක් එහි වෙයි
එ ගැන කිසිවක් ඒ කුඩා ලිපි කැබැල්ලේ  සදහන් නැත.,
සංහිඳියා විරෝධි පත්තරකාරයන් ගැන තවත් නම් කිව යුතුවන්නේ මොනවාදැයි සිතා ගැනිමට අප පාඨකයා වෙත භාරදෙනු කැමැත්තෙමු..?
වන්නියේ මාධ්‍යවේදින් යැයි හදුන්වා ගන්නා සනත් ප්‍රියන්තලා ගැන ඇති තතු නොදත් ජනයා කල්පනා කරන්නේ වන්නිය යැයි ප්‍රසිද්ධ මාධ්‍ය කතිකාවේදි වැරදි ලෙසින් තේරුම් ගනිමින්    දමිල මාධ්‍යකරුවන් විසින් දකුණේ මාධ්‍යවේදින්ගේ මේ සහෝදරත්වයේ චාරිකාවට එරෙහිව ඇතැයි යන වැරදි ආකල්පයක් ද මේ නිසා පැන නැගි ඇති බව දැන් පෙනෙන්නට තිබේ
.මේ ගැන මුහණු පොතේ දැනටමත්  වෛරය වපුරන්නට ඇතමෙකු සුදානමින් කුඹුරු හාමින් සිටින බැව්ද පෙනෙන්ට තිබේ.
මෙහිදි මතුකළ යුතුම වන තව්ත් කරුණක් වේ.
එනම් පසුගිය දිනක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කරන්නට යෙදුන ප්‍රකාශයක් පිළිබදවය.
එනම් සංහිඳියාව වෙනුවෙන් වැඩියෙන්ම වැඩකළ යුත්තේ දකුණේ ජනයා යැයි කියන්නට යෙදුන ප්‍රකාශයයි.
යහපාලන රජයේ ජනාධිපතිවරයාගේ පාර්ශවයේ අයෙකුට හිමි ලක්බිම පුවත් පත එළිපිටම සංහිඳියාවට එරෙහිව මේ වපුරමින් තිබෙන විසකුරු ජාතිවාදය ගැන තිලංග සුමතිපාල නියෝජ්‍ය කථානායකවරයා කියා සිටින්නේ කුමක්ද ?
එමෙන්ම මෙම චරිකාව ආරම්භ වී ටික වෙලාවක් යන විටම ලංකාදිප වෙබ් අඩවියේද මේ ගමනට එරෙහිව සිය වෛරය මුදාහැර තිබුණි.
ඉන් කියැවුනේ හොර මාධ්‍යවේදි නඩයක් සමගින් මාධ්‍ය ඇමතිවරයා යාපනේ යන බවය.
අත්දැකිම් බහුල ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු වු ලංකාදිප පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ගුණරත්න මහතාගේන් අප මේ ගැන විමසා සිටි අවස්ථාවේ ඔහු අප වෙත කරන්නට යෙදුන ප්‍රකාශයන් හමුවේ ඔහු පිලිබදව මෙතෙක් කලක් අප තුල වු ගරුත්වය නැතිව ගොස් ඇතිවුයේ ඇත්තටම පිළිකුලකි.
ඔහු දඔුල්ල ප්‍රදේශයේ එක්තරා මාධ්‍යවේදියෙකු ඉගැන්වුම් බස් හේතුවෙන් ඉහති කි ප්‍රවෘත්තිය නිර්මාණය කරමින් ලංකාදිප වෙබ් අඩවියේ පළ කර තිබුණි. ඔහු ඒ තරම්ම දඹුල්ලේ මාධ්‍යවේදියාට ලෙන්ගතුවන හේතුව දුම්රිය තුලදිම ප්‍රසිද්ධියේ කථාබහට ලක්ව තිබුන බව අපටද ඇසුණි.එහෙත් ඒවා මෙහි ලිවිය යුතු නැත
කෙසේ වෙතත් සනත් ප්‍රියනත්තලා වැනි සංහිදියාව නොරුස්සන පත්තරකාරයන්ද ඒ අයට කටහඩ දෙන දිවයින  වැනි සංහිඳියා විරෝධි පත්තරද ජාතිවාදින්ට උඩගෙඩි දෙන ලක්බිම වැනි පත්තරද නිසා රටටසිදුවන්නට නියමිත විනාශය ගැන බුද්ධිමත් ජනයා විසින් කල්නොහැර  සිතා බැලිය යුතුව තිබේ.
අප මේ ගැන අවධාරණය කරනු ලබන්නේ එක් වැදගත් කරුණක් නිසාවෙනි.
එනම් වව්නියාවේ සනත් ප්‍රියන්තලා මෙන්ම ලක්බිම පුවත්පතේ නිමල්සිරි ඉදිරිසිංහලාද ලංකාදිප පුවත් පතේ සුජිත් මංගල ද සිල්වා පමණක නොව අප උසස් මාධ්‍යවේදියෙකු යැයි සිතා සිටි ලංකාදිප පුවත්පතේ ගුණරත්නලා වැනි පත්තරකාරයන් විරුද්ධ වන්නේ
1.ඝාතනයට ලක්ව සිටින උතුරේත් දකුණේත් මාධ්‍යවේදින් හට යුක්තිය ඉටුවිම ගැනය.
2.නිමල්සිරි එදිරිසිංහලා විරැද්ධ වන්නේ ඝාතනයට ලක්ව සිටින මාධ්‍යවේදි පවුල් වෙත නිවාස වැඩපිළිවෙලක් ක්‍රියාත්මකවිම ගැනය
3.උතුරෙත් දකුණේත් ඝාතනය වු මාධ්‍යවේදින් වෙනුවෙන් යාපනයේදි ස්මාරකයක් ඉදිවනු දැකිමය
4එපමණක් නොව පසුගිය මහින්ද රාජපක්ෂ සමයේ යාපනේ මාධ්‍ය ආයතනවලට පහර දිම හේතුවෙන් සිදුව ඇති මාධ්‍ය නිදහසට තර්ජනය කරනු ලබන ක්‍රියාවන් ගැන විමර්ශනය කිරිම ගැනය.
5.එමෙන්ම රටතුල යහපාලනය ස්ථාපනය වනවා යැයි කිව ද උතුරේ මාධ්‍යවේදින්  තවදුරටත් ආරක්ෂක අංශවල විවිධ තාඩන පිඩන වලට ලක්ව තිබිම ගැන තතු සේවිම ගැනද මේ පත්තරකාරයන් ට  නොරුස්සන්නේමය.

මාධ්‍ය ඇමති විසින් දකුණේ මිකිරි යාපනය මාධ්‍ය සමාජයේ දායබරන් වෙත දෙන මොහොත ....
මාධ්‍ය ඇමති විසින් දකුණේ මිකිරි යාපනය මාධ්‍ය සමාජයේ දායබරන් වෙත දෙන මොහොත ….

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article