Monday, May 20, 2024

ඊශ්‍රායෙල් වන්දනාව මිනිස් ජාවාරම්කරුවන්ගේ තවත් ගේමක් ද ?

Must read

ඊශ්‍රායෙල් වන්දනාවේ ගිය පිරිසක් එරට බලධාරින් විසින් ආපසු හරහා එවා තිබුණි.මේ සමස්ථ පිරිස 70 කට ආසන්න බව මාධ්‍ය විසින් වාර්ථා කර තිබුණි.
පසුගිය කාලය තුල මිනිස් ජාවාරම්කරුවන් විවිධ වෙස් ගෙන විවිධ රගපෑම් මගින් අසරණ දුප්පත් ජනයා වෙනත් රටවල රැකියා සදහා යවනවා යැයි කියා රවටා මුදල් ගැරු අවස්ථා එමටය.
මෙහි අළුත්ම ගොදුර ඊශ්‍රායෙල් වන්දනාවට යැයි කියමින් ගෙන ගොස් සිටින පිරිස විය හැකි බව දැන් අනුමාන කළ හැක.
මේ ඡාවාරමට ඊශ්‍රායලයේ සිටින කිසියම් ක්‍රිස්තියානු සභාවකට අයත්  පුජකයෙකු යැයි කියන අයෙකුද සිටින  බව වඩාත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
මේ ගමන සදහා එක් අයෙකු ගෙන් රු ලක්ෂ 14 ක මුදලක් අදාල තැරැව්කරුවන් විසින් ලබාගෙන ඇති බවටද කථා දැන් පැතිර යමින් තිබේ.
කෙසේ වෙතත් අවස්ථා කිපයකදි මේ පිරිස ශ්‍රිලංකාවට පිටුවහල් කර ඇති අතර ලංකාවට පැමිණ පිරිස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් දිර්ඝ විමර්ශණයකය ලක්කර තිබුණි.
කෙසේ වෙතත් මෙසේ පිටුහල් කර ලංකාවට පැමිණ ඇතමුන් කියා තිබුණේ තමන් දින 3 ක් තිස්සේ එකම ඇදුම දැන් අැදගෙන සිටින බව මේ කාලය තුල කුසගිනි පිරෙන්නට තරම් වත් ආහාර පාන පවා නොලැබුන බවත්ය.
මිනිස් ජාවාරම් කරුවන් විසින් බෝට්ටුවක් මගින් ප්‍රංශයේ රියුනියන් දුපත වෙත ගෙන ගොස් තිබුණ 70 කට ආසන්න පිරිසක් පසුගිය සතියේදි එරටින් පිටුවහල්කරනු ලැබ ලංකාවට පැමිණ තිබුණි.
දැන් මේ සතියේද මිනිස් ජාවාරම්කරුවන්ගේ කපටි සැලසුම් වලට හසුව පිටුවහල්කරනු ලැබු 60 කට ආසන්න පිරිස අතර කාන්තාවන්ද 4 දෙනෙකු සිටින බවද කියැවේ.
මේ පුවත පිළබදව දැනටමත් මුහුණ පොත තුල පුලුල් සංවාදයක් මතුව  තිබේ.
මේ පහත උපුටන එමගිනි.

ඊශ්‍රායල් රටට සංචාරක වීසා මත පැමිණ,
සරණාගත වීසා(Refuge)ගහගන්න පුළුවන්,
ගහලා දෙන්නම් කියමින් ඇතමුන් කරන ජාවාරමට… හසු නොවන ලෙස ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමු.මක් නිසාද යත් මෙය ඉතාමත් සූක්ෂම ලෙස කරගන යන වංචනික ජාවාරමක් වන අතර යම් හෙයකින් ඔබ එලෙස පැමිණීමට තීරණය කරන්නේ නම් ඔබ ඊට යොදවන මුදල ,,වැඩේ වැරදුනොත් නැවත ලබා ගත හැකියි යන සිතුවිල්ල එකම හිතින් ඉවත් කරගන්නා ලෙසටද පවසමි.

මක් නිසාද ,මෙය දැන් දැන් මෙම ජාවරම්කරුවන් උන්ගේ මඩිය ඉතා හොඳින් තද කර ගන්නා කූඨ උපක්‍රමයක් වෙන නිසා,,වන අතර මෙහි පැමිණියත් ඔබට ගුවන් තොටුපොලින් රටට ඇතුලු වීමට කිසිසේත්ම ඉඩ ප්‍රස්තාවක් නොමැත.ඊශ්‍රායල් ආගමන විගමන නිළධාරීන් ජාවරම්කරුවන් ට වඩා ඉතාමත් උපායශීලී වන අතර ලංකාවේ මෙන් පගාවට හෝ අල්ලස් මත ඔවුන් රැකියාව පාවා නොදෙන්නන් වෙති.

නැවතත් පවසමි,මෙම ජාවාරමට හසු වී ඔබට ඊශ්‍රායල් රටෙහි ගුවන්තොටුපළ ට පමණක් පැමිණිය හැකි අතර,ආගමන විගමන නිළධාරීන් ගේ ප්‍රශ්න වලට පිළිතුරු බැඳ නැවතත් ආ පයින්ම ලංකාව බලා නැවත යා හැකිය.

මීට මාස කිහිපයකට පෙරත් මෙලෙස පැමිණි 13 කු මාස 2 ක් පමණ සිරගතව සිට අනේකවිධ ගැටලු මත නැවතත් මව් රටට පිටුවහල් කර අතර,,

පහළින් දක්වන චායාරූප වන්නේ ඊඒ දිනයේ(02/19) මෙලෙස පැමිණි 50/70 ත් අතර පිරිසක් ගුවන්තොටුපළ ආගමන විගමන නිළධාරීන් රඳවා සිටිනා අයුරුයි.

ඔබට ඊශ්‍රායල් පැමිණීමට අවශ්‍යනම් රජයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතනයක් හරහා නීත්‍යානුකූල ලෙස රැකියා සඳහා පැමිනෙන ලෙස ඉල්ලා සිටිමි.
නීතියට පිටින් මෙම රටට ඇතුළු වීම කලකට පෙර කලත් වර්තමානයේ එය කිසිසේත්ම කල නොහැක.

කෙසේ වෙතත් මෙම පුවත දිවයින වාර්තා කළේ මෙසේය…ඊශ‍්‍රායලයට පනින්න හැදූ අය අතරේ මධුෂ්ගේ සගයෝ 13ක්
(ලංකාවට ලැබෙන ජොබ් කෝටා එකත් නැතිවෙනවා මේ වැඩ වලින් )
කීර්ති වර්ණකුලසූරිය

පාතාල නායකයකු වන මාකඳුරේ මධුෂ්ගේ ගෝලයන් 13 දෙනකු ඇතුළු ශ‍්‍රී ලාංකිකයන් 60 දෙනකු සංචාරකයන් ලෙසින් ඊශ‍්‍රායලයට යෑමට උත්සාහ කිරීමේදී එරට බලධාරීන් විසින් ඊයේ (20 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

සංචාරක වීසා මත එරට බෙන්ගුරියන් ගුවන් තොටුපොළ වෙත පැමිණි මෙම පිරිස අතර ද්‍රවිඩ ජාතිකයන්ද සිටින බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකා පොලිසිය මධුෂ්ගේ ගෝලයන් පසුපස හඹා යෑම නිසා මෙම ගෝලයන් පිරිස සංචාරක වෙස් ගෙන ඊශ‍්‍රායලය වෙත පැමිණ ඇත.

ඊශ‍්‍රායලයට පැමිණි පිරිස සංචාරකයන් නොවන බව ඊශ‍්‍රායල් බලධාරීන් සොයාගෙන තිබේ.

මෙම ශ‍්‍රී ලාංකිකයන් ඊශ‍්‍රායලයට ගෙන්වීමට ඇප වී ඇත්තේ දේවගැතිවරයකු බව වාර්තා වේ.

බෙන්ගුරියන් ගුවන් තොටුපළේදී මොවුන් අසුවීම ගැන ඊශ‍්‍රායල් බලධාරීන් මෙරට විශේෂ කාර්ය බළකායට දන්වා ඇත.

අත්අඩංගුවට ගත් පිරිස ආපසු මෙරටට එවීමට ඊශ‍්‍රායලය තීරණය කර තිබේ.

http://divaina.com/daily/index.php/puwath-2/24377-2019-02-20-14-05-35

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article