Saturday, May 11, 2024

ඉන්දියාවෙන් අභිරහස් උණක්

Must read

සතියක පමණ කාලයක සිට උතුරු ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකින් අභිරහස් උණ රෝග තත්වයක් වාර්තා වෙමින් පවතියි. මෙම උණ තත්වයට වැඩි වශයෙන් ගොදුරු වී ඇත්තේ දරුවන් වන බවද වාර්තා වෙයි.

අධික උණ,දහඩිය,සන්ධි වේදනාව, හිසරදය, විජලනය සහ ඔක්කාරය යන රෝග ලක්ෂණ මෙම සහිත මෙම රෝගීන්ගෙන් ඇතැම් අයට කකුල් සහ අත් හරහා කුෂ්ඨ තත්වයක් පැතිර යාමද සිදුව ඇති බව මාධ්‍ය වාර්තා කරයි. එසේම මෙම උණ තත්වය හේතුවෙන් රෝහල් ගත කරන රෝගීන්ගේ රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වීම පොදු ලක්ෂණයක් බව වාර්තා වෙයි.

ප්‍රාන්තයේ නැගෙනහිර කොටසේ දිස්ත්‍රික්ක හයක අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු පමණ මෙම තත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් වැඩි පිරිස දරුවන් වීමද විශේෂත්වයකි. කෙසේ නමුත් සිදුකල පරීක්ෂණ වලදී එම කිසිවෙකුට කොවිඩ්19 ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article