Saturday, April 27, 2024

ලේ පරිත්‍යාග කරන්නැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්

Must read

ඉදිරි අවදානම සලකා ලේ පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි.

එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ලක්‍ෂමන් එදිරිසිංහ පැවැසුවේ පවතින සංචරණ සීමා සමග ලේ රැස් කිරීම සඳහා ජංගම සායන පැවැත්වීම පුද්ගල කණ්ඩායම් රැස් කිරීම අවදානම් බැවින් පරිත්‍යාගශීලීන්ගෙන් ලේ රැස් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළ බවයි. ඒ අනුව දිවයින පුරා ලේ ඒකරාශී කිරීමේ මධ්‍යස්ථාන 87ක් පවත්වාගෙන යන බවත්, ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ ක්‍ෂණික දුරකථන ඇමතුම අමතා කලින් දිනයක් සහ වේලාවක් වෙන් කර ගෙන ලේ පරිත්‍යාග කිරීමට එක්වන ලෙසත්, පවතින කොවිඩ් අවදානම සලකා සෞඛ්‍යාරක්‍ෂිතව ලේ පරිත්‍යග කිරීමට අවස්ථාව සකසා තිබෙන බවත් සඳහන් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article