Monday, September 14, 2026
spot_img

පින්නවලින් නිවුන් අලි උපතක්

Must read


පින්නවල අලි අනාථාගාරයේ සුරංගි නම් කෙනෙර විසින් නිවුන් අලි උපතක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

මෙරට ඉතිහාසයේ මෙවැනි නිවුන් අලි උපතක් වාර්තා වන ප්‍රථම අවස්ථාව මෙය බව පින්නවල අලි අනාථාගාරයේ ප්‍රකාශකයෙකු පැවසීය.

මින් ප්‍රථම අලි පැටවා උපත ලබා ඇත්තේ අලුයම 4.00ට පමණ වන අතර දෙවන අලි පැටවා උපත ලබා ඇත්තේ මධ්‍යහන 12ට පමණය. අලුත උපන් අලි පැටවුන් දෙදෙනාම පිරිමි සතුන් වන අතර මේ වන විට දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article