Sunday, May 19, 2024

ඉන්දියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් තරගවදින පුංචි ආචි ශිලර්ගේ කථාව

Must read

ආචි ශිලර් කියන්නේ ඉපදිලා මාස තුනේ දී හදවත් සැත්කමකට ලක්වුණු දරුවෙක්.. ඊට පස්සේ ආයිත් මාස හයක් ගිය තැන පුංචි ආචිගේ හදවතේ අසාමාන්ය හදගැස්ම හඳුනගත්ත වෛද්යවරු, ආචිගේ හදවතේ අක්රමවත් ලෙස පිහිටා තිබුණු කපාට ටික හරිගස්සන්න නැවත සැත්කමක් සිදු කරනවා. මේ තත්ත්වය නිසා ආචිට එයාගේ යාළුවෝ එක්ක නිදහසේ කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ.. හැබැයි පුළුවන් හැම වෙලාවකම ආචි කළේ ක්රිකට් සෙල්ලම් කරන එක..

ආචි දවසක් සෙල්ලම් කරලා ගෙදර ඇවිත් තාත්තට කියනවා ” මගේ යාළුවෝ කොහෙද කියලා මට හොයාගන්න බැරිවුණා, එයාලා හයියෙන් දිව්වා.. එච්චර හයියෙන් දුවන්න මට ශක්තිය තිබුණේ නෑ.. ඉතින් මම එතන වාඩිවෙලා පොතක් කියෙව්වා.” කියලා.. ආචිගේ තාත්තා ඒ වචන ටික අහන් ඉන්නේ දැඩි වේදනාවකින්.. ආචිගේ තාත්තා ඔහුගෙන් අහනවා ” ඔයා මොනාද කරන්න කැමති කියලා..” මේ පුංචි ක්රිකට් ලෝලියා කියනවා ” මම කැමතියි ඔස්ට්රේලියානු ක්රිකට් කණ්ඩායමේ නායකයා වෙන්න” කියලා…

ආචිට ආයිමත් හදවත් සැත්කමක් කරන්න වෙලා. එයා තවදුරටත් ජීවත් වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ මේ සැත්කමෙන්. මේක තමා ඔහුගේ අවසන් අවස්ථාව. ආචිගේ බලාපොරොත්තු ඉටුකරමින්, ලබන විසිහය වනදා ආරම්භ වන ඉන්දු- ඔස්ට්රේලියා තුන්වන ටෙස්ට් ක්රිකට් තරඟයට නම් කරපු 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට පුංචි ආචිවත් නම් කරලා..ආචිට දුරකතනයෙන් කතා කරපු ඔස්ට්රේලියානු කණ්ඩායමේ පුහුණුකරු ජස්ටින් ලැන්ගර් තමා මේ සුබාරංචිය ගැන ආචිට කියලා තියෙන්නේ.

නත්තලේ සතුට කලින්ම අරන් ආපු ඊළඟ සුබාරංචිය ආචිට දැනගන්න ලැබෙන්නේ අද.. ඒ තමා ඔස්ට්රේලියානු ක්රිකට් කණ්ඩායමේ දැනට නායකත්වය හොබවන ටිම් පේන් සමග ඊළඟ තරඟයේදී සම-නායකත්වය දරන්න ආචි ශිලර්ට අවස්ථාව හිමිවෙනවා කියන එක.. ටිම් පේන් මේ ආරංචිය ගැන කියන්නේ ආචිගේ හත්වන උපන්දිනය දවසේ.. ආචිට තවත් බලාපොරොත්තුවක් තියනවා. ඒ තමා ඉන්දියානු ක්රිකට් නායක විරාට් කෝලිගේ කඩුල්ල දවාගන්න එක…

ලොව ඕනෑම රටක ජාතික ටෙස්ට් කණ්ඩායමක නායකත්වයට පත් ලාබාලතම ක්රීඩකයා ලෙස ඉතිහාසගත වීමට සැරසෙන හත් හැවිරිදි ආචි ශිලර් දෙසැම්බර් 26 වෙනිදා ක්රිකට් ක්රීඩාවේ දෙවොලක් බඳු වූ මෙල්බර්න් ක්රීඩාංගනයේදි ඉන්දියාවේ විරාට් කෝලිට එරෙහිව ඕස්ට්රේලියානු කණ්ඩායම වෙනුවෙන් කාසිය වාසිය උරගා බලනු ඇති.

ආචි ශිලර්ගේ ජීවිත කඩුල්ල ද අකාලයේ දැවී නොවේවායි පතමු…!

– ධනුෂ්ක සිරිදර්ශන –

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article