• HOME
  • NEWS
  • STORIES
  • ARTICLES
  • INTERVIEWS
  • EDITORS CHOICE
  • INFORMATION
  • North & East
  • PHOTO STORY
  • VIDEO
  • PROVIENCIAL NEWS
  • CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
Forgot your password? Get help
Password recovery
Recover your password
A password will be e-mailed to you.
  • Advertise
  • About
  • Events
  • Write for Us
  • In the Press
Sign in / Join
CITIZEN POST
Friday, June 5, 2026
Facebook
Twitter
Youtube
type here...
  • SINHALA
  • TAMIL
  • ENGLISH
  • HOME
  • NEWS
  • STORIES
  • ARTICLES
  • INTERVIEWS
  • EDITORS CHOICE
  • INFORMATION
  • North & East
  • PHOTO STORY
  • VIDEO
  • PROVIENCIAL NEWS
  • CITIZEN PAGE
CITIZEN POST
  • HOME
  • NEWS
  • STORIES
  • ARTICLES
  • INTERVIEWS
  • EDITORS CHOICE
  • INFORMATION
  • North & East
  • PHOTO STORY
  • VIDEO
  • PROVIENCIAL NEWS
  • CITIZEN PAGE
Uncategorized

ඇමති මංගලගෙන් විශේෂ ප්‍රකාශයක් !

By freddy
October 28, 2018
0
132
Share
Facebook
Twitter
Pinterest
WhatsApp

    Must read

    දකුණේ වෙසක් කොඩි සහ උතුරේ කළු කොඩි….

    May 29, 2026

    ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයා චාවකච්චේරි මූලික රෝහලේ ස්ථානීය පරීක්ෂාවක!

    May 29, 2026

    මුලතිව් ජනසංහාරයේ 17 වන සැමරුම…

    May 18, 2026

    මුලතිව් දෙමළ ජන සංහාරයේ 17 වන වාර්ෂික සැමරුම

    May 18, 2026
    freddy

    mangala11ජනාධිපතිවරයා ලෙස මෙතරම් මිලේච්ඡ පහත් චරිතයක් පත්කර ගැනීම වෙනුවෙන් සිදුකළ මැදිහත්වීම සම්බන්ධව  තමන්  රටේ සමස්ථ  ජනතාවගෙන් සමාව ඉල්ලන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.

    මේ වන විටත් රාජ්‍ය මාධ්‍ය ආයතන ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුව විසින් කුළී මැරකල්ලි යොදවා  බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින බැවින් සමාජ මාධ්‍යවෙත වීඩියෝවක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

    හැටතුන් ලක්ෂයක ජනවරමක් ලබාගත් පුද්ගලයා බන්දේසියක තියලා යළි වතාවක් මේ රට තුළ යමපාලනයක් ඇති කිරීමට ව්‍යාවස්ථා විරෝධීව, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව කටයුතු කර ඇති බවත් තමන්  නෙල්සන් මැන්ඩෙලයි කියාගෙන ආපු මේ චරිතය දැන් යලි වතාවක් ජනාධිපතිකමට පත්වීමේ සිහිනය වෙනුවෙන් ඒ සියළු මූලධර්ම ප්‍රතිපත්ති පාවාදී ඔහුට විරුද්ධව සටන් කරපු ඒ පුද්ගලයම ව්‍යාවස්ථා විරෝධීව අගමැති බවට පත් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

    එහිදී අමාත්‍යවරයා සිදුකළ සමස්ථ ප්‍රකාශය පහත දැක්වේ.

    ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමනි මුළු රටත් කලාපීය දේශපාලනයත් ලෝකයත් බලාගෙන ඉන්නවා. මොකක්ද මේ වුණේ.?

    මොකක්ද වුණේ කියලා ඇහුවොත් කෙටියෙන් කියනවා නම් මේ රටේ යහපාලනයක් සඳහා ජනතාව හැටතුන් ලක්ෂයක ජනවරමක් ලබාගත් පුද්ගලයා බන්දේසියක තියලා යළි වතාවක් මේ රට තුළ යමපාලනයක් ඇති කිරීමට ව්‍යාවස්ථා විරෝධීව, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව කටයුතු කරල තියනවා. 2015 ජනවාරි මාසයේ 08 වෙනිදා එතුමාම කිවුවා ජීවිතේ බොහොම අමාරුවෙන්ම බේරගෙන මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කරන්න එඩිතරව ඉදිරිපත් වුණයි කියලා. ඉන්පසුව විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ බලපෑම් අනුව අපි එම යහපාලනයේ ප්‍රතිපත්ති දිගින් දිගට ඉටු කරන්නට කටයුතු කරා. ස්වාධීන කොමිෂන් සභා ලබා දීල, පොලිසිය වේවා, එහෙම නැත්නම් අධිකරණය වේවා, එහෙමත් නැත්නම් රාජ්‍ය සේවය වේවා ඒ හැමදෙයක්ම ස්වාධීන තත්වයකට පත් කරා. ඒ වගේම සුදු වෑන් යුගය අපි අවසන් කරා. ජනමාධ්‍ය වේදීන්ට පූර්ණ නිදහසක් ලබා දුන්නා. ඒ වගේම අනිත් පැත්තෙන් කඩා වැටුන ආර්ථිකයක් ඉතාමත් අභියෝග රාශියක් මැද්දේ ඉදිරියට ගෙනාවා. අවුරුදු හැටගානකට පස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් අපි පෙන්නුවා. නමුත් මේ සියල්ල ඉදිරියට යන මොහොතක නෙල්සන් මැන්ඩෙලයි කියාගෙන ආපු මේ චරිතය දැන් යලි වතාවක් ජනාධිපතිකමට පත්වීමේ සිහිනය වෙනුවෙන් ඒ සියළු මූලධර්ම ප්‍රතිපත්ති පාවාදීල ඔහුට විරුද්ධව සටන් කරපු ඒ පුද්ගලයම ව්‍යාවස්ථා විරෝධීව අගමැති බවට පත් කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්ෂ කුරුණෑගල මන්ත්‍රීතුමා හොර අගමැති වෙලා. ඔහුට ව්‍යාස්ථානුකූලව ඔය පුටුවේ ඉඳගන්න කිසිම අයිතියක් නැහැ. 19 වෙනි සංශෝධනය යටතේ  ජනාධිපතිවරයාට අගමැතිවරයා වෙනස් කරන්න පුළුවන් වෙන්නේ, එක්කෝ මැරුණම, එහෙම නැත්නම් ඉල්ලා අස්වුණාම, එමෙමත් නැතිනම් පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වුණාම. මේ තුනම සිදුවෙලා නැහැ.

    ඇත්ත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාව අයින් කරන්න මෙතුමා මීට මාස කිහිපයකට ප්‍රථම ව්‍යාවස්ථානුකූල අයිතියක යෙදුනා. ඒ මොකක්ද විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා, ඒක සාදාරණ නෑ. එතුමා බොහොම සිල්වන්තව ඉන්දැද්දී මේ හොර කල්ලියටම ඒක ගෙන එමේ වගකීම බාරදුන්නා. අද වගේම පාර්ලිමේන්තුවේදී 113 ක් බහුතරයක් ගන්න පුළුවන් කියන අයට රැවටුනා. නමුත් ඒ විශ්වාස භංගයේදී විශාල වැඩි සංඛ්‍යාවකින් අගමැතිතුමා ජයගත්තා. අන්න ඒ නිසා දැන් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයකින් එතුමා පරාජය කරන්න බැරි නිසා මේ වතාවේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා එක්ක එකතුවෙලා ව්‍යාවස්ථාදායක කුමන්ත්‍රණයක් මෙතුමා කරලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ නිසා මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ මේ හොර තනතුර ඡන්ද ගණන් කරපු මොහොතක අහිමිවෙනවා වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් එතුමා ව්‍යාවස්ථාව උල්ලංඝනය කිරීමේ හේතුවෙන් දෝෂාභිගෝගයකටත් පාර කපලා තියෙනවා. දැන් ඊට පස්සේ අපි කිවුවා අපේ බහුතරය අපිට තියනවා. අපිට 113 ටත් වඩා අවශ්‍ය ප්‍රමාණය තියෙනවා. 126 විතර යනකන් අපිට පෙන්නන්න පුළුවන්.

    අදත් අපේ එක්සත් ජාතික පෙරමුණේ ඉන්න සියළුම නායකයන් ඇවිල්ලා අගමැතිතුමා වෙනුවෙන් විශ්වාසය ප්‍රසිද්ධියේ පළ කළා. මේ වෙලාවේ අපේ මන්ත්‍රීවරු 17 ක් පමණ පිටරට ඉන්නේ. නමුත් ඒ අය ආවම අපිට අපේ මුළු සංඛ්‍යාවම පෙන්වන්න පුළුවන් නිසා තමයි අපි කථානායකතුමාගෙන් ඉල්ලුවේ පාර්ලිමේන්තුව හදිසියේ කැඳවන්න කියලා. අපි ඉල්ලුවේ ඉරිදා කැඳවන්න කියලා. අන්තිමට එතුමා කිවුවා සඳුදා කැඳවන්නම්, මොකද කැඳවන්න දිනයක් විතර ඕනෙයි කියලා.

    දැන් එසේ කැඳවන්නට තීන්දු කරාට පස්සේ දැන් අපට ආරංචිවෙනවා පාර්ලිමේන්තුව 16 වෙනිදා දක්වා කල් දැම්මයි කියලා. බහුතරයක් තියෙනවානම් ඇයි කල් දාන්නේ. බහුතරයක් තියෙනවා නම් ඇයි ඔයතරම් බය? ඒ අයට බහුතරයක් නැහැ. දෝෂාභියෝගය වගේම දැන් මේ අය රැවටිලා 16 වෙනිදා දක්වාම කල්දාගෙන මේ අය බලාවි ඊළඟ සති කිහිපය තුළදී විවිධ බලපෑම් කරලා, සල්ලි දීල, මොකද මහින්ද රාජපක්ෂ මහත්මයාට විතරක් නෙවෙයි මෛත්‍රීපාල සිරිසේනටත් අපිට ආරංචි හැටියට ඕනතරම් හොර සල්ලි තියෙනවා. මේවා වියදම් කරලා අපේ අය ගන්න බලාවි. ඒක තමයි මේ අයගේ බලාපොරොත්තුව. නමුත් මම මේ වෙලාවේ පැහැදිළිවම කියනවා. අපිට අපේ බහුතරය තියනවා. ඒක 16 වෙනිදා පාර්ලිමේන්තුව යලි වතාවක් කැඳෙවුවාම අපි අනිවාර්යයෙන්ම පෙන්නනවා. මෙන්න මේකයි වර්තමාන තත්වය.

    අප දන්නා දේශපාලන ඉතිහාසය අනුව ලෝකයේ ප්‍රථම වතාවටයි ජනාධිපතිවරයෙක් තමන්ගේ ප්‍රතිවාදී අපේක්ෂකයාව තමන්ගේ අරමුණු පසෙකලා තමන්ගේම අගමැති වරයා බවට පත්කර ගත්නේ. දැන් අපි අහන්නේ ඒ ජනාධිපතිවරණය අභිලාශයන් වෙනුවෙන් ඡන්දය දුන්නු ඡන්දදායකයන්ට ඔබට මොකක්ද දෙන්න පුළුවන් පණිවිඩය.?

    ඇත්තවශයෙන්ම එක පැත්තකින් මෙවැනි මිලේච්ඡ පහත් චරිතයක් ජනාධිපතිවරයා හැටියට යෝජනා කිරීම ගැන පෙනී සිටීම ගැන, ඒ වෙනුවෙන් ගමක් ගමක් ගානේ කැන්වසින් ගිහින් ඡන්දය ඉල්ලීම ගැන මම මේ රටේ ජනතාවගෙන් සමාව ගන්නවා. ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්ද අරගෙන, එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ නායකයගේ ලැබිය යුතු තණතුර ඔහු ලබාගෙන දැන් මේ වගේ දෙයක් කරාම මට නම් ඒ ගැන සතෙක් කියලා වත් කියන්න බැරි තරමට මට නම් කියන්න වචනයක් නැහැ. බොහෝ අය මට කිවුවා, අද මට හමුවුන හැම කෙනෙක්ම කියන්නේ, මෛත්‍රීපාල සිරිසේන කරපු දේ ගැන සිංහල භාෂාවේවත් අපි දන්න භාෂාවෙන්වත් ඒ තරම් පහත් දෙයක් කරලා තියෙන්නේ ඒකට වචනයක් නැහැ කියලා.  නමුත් අනිත් පැත්තෙන් මම ජනතාවට කියන්නෙ මේක, සෑම වලාකුලම රිදී රේඛාවක් තියෙනවා වගේ මේක හොඳ දෙයක්.

    මොකද අපි මෙතුමාව පත් කරගත්තා , පත් කර ගත්ත වෙලාවේ ඉඳන් කකුලෙන් ඇද්දේ. අපේ ආර්ථිකය පස්සට ඇද්දා. අපි පොරොන්දු වෙච්ච නඩු සම්බන්ධව හොයාගෙන යද්දි අපිව පස්සට ඇද්දා. ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න හදනකොට ඒක පස්සට ඇද්දා. ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගන්න හදනකොට පොලිස් නිලධාරීන්ට බැන්නා. මේ විදිහට එතුමා ක්‍රියා කරනකොට ඇත්ත වශයෙන්ම දැන් නම් මට හිතෙනවා පසුගිය ඡන්දෙදි රාජපක්ෂ වෙනුවෙන්ම ඉදිරිපත් කරපු හොර අපේකෂකයෙක්ද කියලා. මොකද එතුමා අපේ ඡන්දවලින් දිනපු වෙලේ ඉඳන් සේවය කළේ රාජපක්ෂලා වෙනුවෙන්.  ඉතින් දැන් අපිට බොහොම නිදහසේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති, නව ලෝකයට ගැලපෙන ප්‍රතිපත්ති, අපේ ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන්න පුළුවන්.

    අපේ පාක්ෂිකයන්ට රස්සාවල් දෙන්න හදනකොට මේ මනුස්සයා ඒවා නැවැත්තුවා. අපේ පාක්ෂික උපාධිධාරීන්ට රස්සාවල් දෙන්න හදනකොට මේ මනුස්සයා ඒක නැවැත්තුවා. අපේ දරුවන්ට ටැබ් දෙන්න හදනකොට මේ මනුස්සයා ඒක නැවැත්තුවා. ඉතාමත් පහත් ඊරිසියාකාර ග්‍රාමීය චරිතයක්. ඉතින් දැන් මම කිවුවා වගේම මේ වලාකුලේ රිදී රේඛාවක් තියෙනවා. ඒ නිසා 16 වෙනිදා පාර්ලිමේන්තු යළි රැස්වුණාම අපේ සංඛ්‍යාව පෙන්නලා යලි වතාවක් අපි මේ රටේ බලය භාර අරගෙන තනි එක්සත් ජාතික ආණ්ඩුවක් හැටියට ඉදිරියට යනවා.
    newstube.lk

    Share
    Facebook
    Twitter
    Pinterest
    WhatsApp
      Previous articleව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න ! යුරෝපා සංගමය දන්වයි !
      Next article113 නැතුව ඒකාබද්ධෙ අර්බුදයක් ! එජාපය ශක්තිමත් තැනක !
      - Advertisement -spot_img

      More articles

      ආගමික පාසල් ගුරුවරුන්ගේ දීමනාව වැඩි කරන ලෙස ඉල්ලීමක්

      May 29, 2025

      මුල්ලිවයික්කාල්හිදී මියගිය පුද්ගලයන් තිරුක්කෝවිල්හිදී සිහිකරයි

      May 15, 2025

      ටොන් 2ක් බරැති යෝධ තල්මසෙකු රාමේෂ්වරම් අසල මුහුදු වෙරළට ගසාගෙන එයි

      December 12, 2024
      - Advertisement -spot_img

      Latest article

      දකුණේ වෙසක් කොඩි සහ උතුරේ කළු කොඩි….

      May 29, 2026

      ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයා චාවකච්චේරි මූලික රෝහලේ ස්ථානීය පරීක්ෂාවක!

      May 29, 2026

      මුලතිව් ජනසංහාරයේ 17 වන සැමරුම…

      May 18, 2026

      මුලතිව් දෙමළ ජන සංහාරයේ 17 වන වාර්ෂික සැමරුම

      May 18, 2026

      මුල්ලිවයික්කාල් සමරු රථ පෙරහැර අද යාපනයෙන් ඇරඹුණි.

      May 12, 2026
      CITIZEN POST

      © 2022 All Rights Reserved.
      Power by Concept Dsign

      Facebook
      Instagram
      Twitter
      VKontakte
      Youtube

      Archives

      • May 2026
      • April 2026
      • March 2026
      • February 2026
      • November 2025
      • October 2025

      About Us

      • Home
      • News
      • Provincial News
      • Stories
      • Articles
      • Interviews
      • Editors Choice
      • Photo Story
      • Video
      • Art & Culture
      • Information

      Popular Category

      • Stories1877
      • Articles1175
      • Editors Choice924
      • North & East News652
      • News378

      Editor Picks

      දකුණේ වෙසක් කොඩි සහ උතුරේ කළු කොඩි….

      May 29, 2026

      ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයා චාවකච්චේරි මූලික රෝහලේ ස්ථානීය පරීක්ෂාවක!

      May 29, 2026