මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලබන සඳුදා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට නියමිත බව වාර්තා වෙයි. ඒ අනුව අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඒ මහතා ලබන සතියේ මහ බැංකු අධිපති ලෙස පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.
වරලත් ගණකාධිකාරිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් 2006 ජූලි 1 දින සිට 2015 ජනවාරි 9 දින ඉල්ලා අස්වන තෙක් මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කළේය.