Monday, May 13, 2024

ආදිවාසීන්ගේ අධ්‍යාපන ප්‍රශ්නය ආණ්ඩුකාර තොණ්ඩමාන්ගේ අවධානයට

Must read

 

නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්තිල් තොණ්ඩමාන් මහතා මඩකලපුව වාකරෙයි ආදිවාසි ගම්මානයට ගොස් ආදිවාසි ජනතාවගේ ගැටලු පිළිබඳව සොයා බැලීය.

වාකරෙයි ප්‍රදේශයේ ආදිවාසීන් පැවසුවේ වසර ගණනාවක් තම ගම්මානය විවිධ ගැටලුවලට මුහුණ දෙන බවයි.

තම ගම්මානයේ පාසල්වල ගණිතය හා විද්‍යා ගුරුවරුන්ගේ හිඟයක් පවතින බවත් එම නිසා සිසුන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවත් ගමට යන පාරවල් අබලන් බවත් රෝහලට සහායකයින් අවශ්‍ය බවත් ඔවුන් ආණ්ඩුකාරවරයා හමුවේ පවසා සිටියේය. ආදිවාසීන්ගේ ඉල්ලීම පරිදි පැය 24ක් තුළ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා එම පාසල වෙත ගුරුවරුන් දෙදෙනෙක් පත් කළ අතර එම මාර්ගය කඩිනමින් ඉදිකර රෝහල් සහායකයින් පත් කිරීමට පියවර ගන්නා ලෙස ආණ්ඩුකාරවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article