Monday, May 20, 2024

ජල බිල්පත් නොපමාව ගෙවීමට කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්

Must read

ජල බිල්පත් නොපමාව ගෙවීමට කටයුතු කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පවතින කොවිඩ්19 වසංගත තත්වය හමුවේ ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බවත් පවතින තත්ත්වයන් හමුවේ ජල පාරිභෝගිකයින් ජල බිල්පත ගෙවීම ප්‍රමාද කරමින් සිටින බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තිළිණ එස්. විජේතුංග මහතා පවසයි.

බිල්පත් ගෙවීම සදහා නව ක්‍රමවේද රැසක් හදුන්වා දී ඇති බවත් ජංගම යෙදවුම්, වෙබ් අඩවි හා අන්තර්ජාල බැංකු සේවා හරහා ජල බිල්පත් ගෙවිය හැකි බවත් ඊට අමතරව නිරෝධායන නීතිරීති යටතේ ජලසම්පාදන මණ්ඩලයේ කාර්යාල වෙත පැමිණිමෙන් ද මුදල්, චෙක්පත් හෝ කාඩ්පත් මගින් ගෙවීම්ද සිදුකල හැකි බව සාමාන්‍යාධිකාරී තිළිණ එස්. විජේතුංග මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article