Sunday, May 5, 2024

අලුත් ව්‍යවස්ථාවක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයක්!

Must read

banner

 

 

අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජනමතය තහවුරු කිරීමේ ප්‍රාරම්භක රැස්වීම 2017 මාර්තු 15 වැනිදා සවස 3.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ. එහි කැඳවුම් කාර මණ්ඩලය ලෙස පුජ්‍ය දඹර අමිල හිමි, මහාචාර්ය සරත් විජේසුරිය,

අධිනීතිඥ ලාල් විජේනායක, ගාමිණි වියන්ගොඩ, කේ. ඩබ් ජනරංජන, සමන් රත්නප්‍රිය, අචාර්ය නිමල්කා ප්‍රනාන්දු, සම්පත් රාජිත, උදේනි වික්‍රමසිංහ, බ්‍රිටෝ ප්‍රනාන්දු, ලුෂන් බුලත්සිංහල, පිලිප් දිසානායක, නීතිඥ සුදර්ශන ගුණවර්ධන හා මහින්ද රත්නායක යන අය කටයුතු කරයි.

1994 සිට බලයට පත් වූ සියලු ජනාධිපති වරුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ජනතාව ඉදිරියේ ප්‍රතිඥා දී ඇත. චන්ද්‍රිකා මැතිණිය බලයට පත් අවස්ථා දෙකේදීත්, මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් අවස්ථා දෙකේදීත් හා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයාත්, තමා බලයට 2015 දීත් මේ ප්‍රතිඥාව රට ඉදිරියේ තබා තිබේ. ඒ සෑම අවස්ථාවකදීම රටේ බහුතරයක් ජනතාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ස්වකීය ලබාදී ඇති බව පැහැදිලිය.

1948 ලබාගත් නිදහසේ පටන් රටක් වශයෙන් අප මුහුණ දුන් ජාතික ප්‍රශ්නයට දේශපාලනික විසඳුමක් ලබාදීමේ ප්‍රතිඥාවත්, මෙසේ බලයට පත් සියලු නායකයින් රට ඉදිරියේ තබා තිබේ. ඊට අදාලව, බලය බෙදීමේ ක්‍රමයක් පිලිබඳ විශ්වාසය, ප්‍රධාන ප්‍රවාහයේ සියලු දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශන තුලින් අපට දැක ගත හැකිය.

1931 ඩොනමෝර් ව්‍යවස්ථාව, 1947 සෝල්බරී ව්‍යවස්ථාව, 1972 ජනරජ ව්‍යවස්ථාව සහ 1978 විධායක ජනාධිපති ව්‍යවස්ථාව යන කිසිවක් මේ සඳහා රටේ ජනතාවගේ අදහස් විමසා නැත. 1972 සහ 1978 ව්‍යවස්තාත් සම්මත කර ගන්නා ලද්දේත් දෙමල ජනතාවගේ විරෝධය මධ්‍යයේය.

අද සියලු ජාතීන්ගේ සහභාගීත්වයෙන් හා අනුමැතියෙන් යුතුව, අපට වඩාත් ගැලපෙන සහ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීමේ අවස්ථාව උදාවී තිබේ. එම නිසා මෙම “අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරය” ඒ අරමුණ වෙනුවෙන් සියලු දායකත්වය සපයනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article