Thursday, May 2, 2024

අරගලයේදී ජනාධිපති මැදුරෙන් හමුවූ මුදල් ගෝඨා ඉල්ලයි

Must read

 

අරගලය පැවැති අවස්ථාවේදී ජනාධිපති මන්දිරය තුලට ඇතුල්වූ අරගලකරුවන් විසින් සොයා ගත් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මුදා හරින ලෙසට ඉල්ලා ඔහුගේ නිතීඥවරයා කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08) ප්‍රතික්ෂේප කලේය.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 431 වගන්ති ප්‍රකාරව මෙම මුදල් සදහා වෙනත් පාර්ශ්වයක් හිමිකම් නොකියන බැවින් එය තම සේවාදායකයා වෙත මුදා හරින ලෙසට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ හරිගුප්ත රෝහණධීර මහතා කළ ඉල්ලීම අධිකරණය එලෙස ප්‍රතික්ෂේප කර ඇත.

එහිදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා සදහන් කර ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනේ 431 වගන්තිට අනුව එම මුදල් සම්බන්ධයෙන් නියෝගයක් කිරීමට පෙර විමසීමක් කිරීම අධිකරණයේ වගකීම බවත්, මෙම මුදල් සම්බන්ධයෙන් වන විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති අතර, අදාළ මුදල පිළිබදව වෙනත් අයකු හිමිකමක් නොකීවද එය මුදා හැරීමේ හැකියාවක් නොමැති බවත්, මෙය මුදල් පිළිබදව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත මෙන්ම අල්ලස් පනත යටතේ විමර්ශනය කිරීමේ හැකියාවක් ඇති බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

(ලංකාදීප ඇසුරිණි)

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article