Friday, May 17, 2024

වාලච්චේනේ හුදකලා නිවසක තිබී එහි පදිංචිව සිටි කාන්තාවකගේ මළ සිරුරක් සොයාගනියි

Must read

වාසායිචේන කල්කටා පාරේ හුදකලා නිවසක තිබී එහි පදිංචිව සිටි කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ  වසායිචේන ප්‍රදේශයේ පදිංචි බාස්කරන් සර්ගුණදේවි (52) නමැති දරුවන් 4 දෙනෙකුගේ මවකි.  පසුගිය දින 15ක පමණ කාලයක සිට ඇගේ දුරකථනය  විසන්ධි වී තිබී ඇති අතර ඇය ගැන කිසිදු තොරතුරක් නොමැති නිසා ඥාතීන් මේ ගැන පොලීසියට දැනුම් දි තිබේ. තොරතුරු ලබාදීමෙන් පසු පොලිස් කණ්ඩායම ගොස් සෝදිසි කිරීමේදී ඇයගේ  මළ සිරුර සොයාගෙන තිබේ.
මෙම කාන්තාව පසුගිය වසර 10ක පමණ කාලයක සිට මැලේසියාවේ සේවය කර ඇති අතර පසුගිය මාස 2ක පමණ කාලයක සිට ඇය පදිංචිව සිට ඇත්තේ වසායිචේන ප්‍රදේශයේ පිහිටි නිවසේය. ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කරන බවත් ඔවුන් වෙනම ජීවත් වන බවත් ඇයගේ සොහොයුරිය පවසයි. .
සිද්ධිය සම්බන්ධයෙන් වසායිචේන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කේ.රුදුන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article