KANDY, SRI LANKA- AUGUST 14 : Former Sri Lankan president and parliamentary candidate Mahinda Rajapaksa attends his party's final day of election campaign rally on August 14, 2015 in Kandy, Sri Lanka. Sri Lanka's Election Commission has scheduled the polls on August 17, 2015, after Sri Lankan President Maithripala Sirisena dissolved the parliament on June 26, 2015. (Photo by Buddhika Weerasinghe/Getty Images)රටේ ආර්ථික අර්බුදයක් ඇති බව කියමින් ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් තම නායකයා වන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පෙරදැරි කරගෙන පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රමුඛ පිරිසගෙන් ප්‍රශ්න ඇසූ මාධ්‍යවේදියාගේ මාධ්‍ය ආයතනය විමසමින් ඔහු අපහසුතාවට පත්කරන්නටත් මාධ්‍යවේදියා විමසූ ප්‍රශ්නවලට නිසි පිළිතුරු නොදී මඟ අරින්නටත් ඒ අය කටයුතු කළහ.මෙහිදී ඔවුන් සිදුකළේද මාධ්‍ය මර්දනය කිරීමකි.මාධ්‍ය මර්දනය කිරීම රාජපක්ෂ පාලන සමයේ සුලබ සිදුවීමකි. 2004 මැයි – 2013 මැයි කාලය තුළ ලංකාවේ ජනමාධ්‍ය වෙත එල්ල වූ මර්දනකාරී අත්දැකීම් පෙළගැස්වීමෙන් එදා මර්දනය දියත් කළ ආකාරය සුළුවෙන් හෝ අවබෝධ කර ගත හැකි වනු ඇත.

මාධ්‍යවේදීන් හා මාධ්‍ය වෘත්තිකයන් ඝාතනය කිරීම
2004

මැයි 31 ‘වීරකේසරී’ පුවත්පතේ තීරු ලිපි රචක අයියතුරේ නඩේසන්

අගෝස්තු 16 ‘දිනමුරසු’ පුවත්පතේ මාධ්‍යවේදී කන්දසාමි අයියර් බාලනඩරාජා

දෙසැම්බර් 11 ‘ලංකාදීප’ මාධ්‍යවේදී ලංකා ජයසුන්දර

2005

අප්‍රේල් 28 ටැමිල්නෙට්, ඩේලිමිරර්, වීරකේසරී මාධ්‍යවේදී ධර්මරත්නම් සෙවරාම් නොහොත් තාරකි

ජූනි 29 ‘ඊළනාදම්’ පුවත්පතේ බෙදාහැරීම් නිලධාරි කන්නමුත්තු අර්සකුමාර්

අගෝස්තු 12 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නිවේදිකා රෙලංගී සෙල්වරාජා

අගෝස්තු 29 ‘සුඩර් ඔලි’ පුවත්පතේ ආරක්ෂක නිලධාරි ඩේවිඩ් සෙල්වරත්නම්

සැප්තැම්බර් 30 ඊළනාදම් පුවත්පතේ බෙදාහැරීම් නිලධාරි යෝගකුමාර් ක‍්‍රිෂ්ණපිල්ලේ

දෙසැම්බර් 02 කාත්තන්කුඩි ප්‍රාග ලේකම් කාර්යාලයේ සේවය කළ ලේඛක නෙටිප්ට්ටමුනෙයි ෆලීල්

දෙසැම්බර් 22 ‘තිනකුරල්’ පුවත්පතේ බෙදාහැරිම් නිලධාරි කේ. නවරත්නම්

2006

ජනවාරි 24 ‘සුඩර් ඔලි’ පුවත්පතේ ත්‍රිකුණාමල වාර්තාකරු සුබ‍්‍රමනියම් සුගිතරාජන්

පෙබරවාරි 01 දෙමළ පුවත් සේවා ආයතනයක් පවත්වාගෙන ගිය එස්. ටී. ගනනාතන්

මැයි 03 ‘උදයන්’ පුවත්පතේ බෙදාහැරිම් කළමනාකරු බී. ජී. සගයදාස් නොහොත් සුරේෂ්

මැයි 03 ‘උදයන්’ පුවත්පතේ බෙදාහැරීම් පරීක්ෂක රාජරත්නම් රංජිත් කුමාර්

ජූලි 02 ‘ඉරුදින, සත්දින, ලක්බිම’ මාධ්‍යවේදී සම්පත් ලක්මාල් ද සිල්වා
ජූලි 27 වීරකේසරි, තිනකුරල් පුවත්පත් බෙදාහැරීම් නියෝජිත මරියදාසන් මනෝජනරාජ්

අගෝස්තු 15 උදයන් පුවත්පතේ බෙදාහැරීම් කාර්යමණ්ඩලයේ සතාසිවම් බාස්කරන්

අගෝස්තු 20 යාපනයේ පළවන ‘නමාතු ඉලනාඩු’ පුවත්පතේ කළමනාකරු සින්නතම්බි සිවමහරාජා

2007

පෙබරවාරි 12 පළවන ‘නමාතු ඉලනාඩු’ පුවත්පතේ මුද්‍රණ ශිල්පී එස්. රවීන්ද්‍රන්

පෙබරවාරි 15 පළවන ‘නමාතු ඉලනාඩු’, ‘වාලම්පුරි’ පුවත්පත්වල වාර්තාකරු සුබ්‍රමනියම් රාමචන්ද්‍රන්

අප්‍රේල් 16 ඊළනාදම්, විරකේසරී ලේඛක සහ ‘නිලාම්’ සඟරාවේ සංස්කාරක චන්ද්‍රබෝස් සුදාකර්

අප්‍රේල් 29 ‘උදයන්’ සහ ‘තිනකුරල්’ මාධ්‍යවේදී සෙල්වරාසා රජිවර්මන්

අගෝස්තු 01 යාපනේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු හා අර්ධකාලීන ලේඛකයකු වූ සහදේවන් නිලක්ෂන්

අගෝස්තු 21 ‘ඊළනාඩු’ පුවත්පතේ සිවතම්බි සිවරාසා

නොවැම්බර් 05 ‘යාරි තිනකුරල්’ යාපනයේ පුවත්පත් අලෙවි නියෝජිතයකු වූ ඒ. එස්. සිද්දිරංජන්

නොවැම්බර් 17 ‘උදයන්’ පුවත්පතේ සෝදුපත් කියවන්නකු වූ වඩිවේලූ නිමලරාජ්

නොවැම්බර් 27 ‘කොටි හඬ’ ගුවන්විදුලියේ සේවය කළ ඉසයිවිෂි චෙම්පියන් නොහොත් සුභාෂිනි

නොවැම්බර් 27 ‘කොටි හඬ’ ගුවන්විදුලියේ සේවය කළ කාර්මික නිලධාරි සුරේෂ් ලිම්බියෝ

නොවැම්බර් 27 ‘කොටි හඬ’ ගුවන්විදුලියේ සේවය කළ ටී. ධර්මලිංගම්

දෙසැම්බර් 05 ‘දිවයින’ වාර්තාකරු ඩබ්ලිව්. ගුණසිංහ

2008

මැයි 28 ‘ශක්ති ටීවී’ යාපනය වාර්තාකරු පී. දේවකුමාර්

ඔක්තෝබර් 06 ‘සිරස’ වාර්තාකරු රශ්මි මොහොමඞ්

ඔක්තෝබර් ‘ඊළනාදම්’ පුවත්පතේ මාධ්‍යවේදී රාසයියා ජෙයන්දිරන්

2009

ජනවාරි 09 ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග

පෙබරවාරි 12 ‘ඊළනාදම්’ල විල්නාදම්ල ඉලමුරසු පුවත්පත්වලට ලියූ මාධ්‍යවේදී පුන්‍යමූර්ති සත්‍යමූර්ති

මාර්තු 05 ‘ඊළනාදම්’ බෙදාහැරීම් නියෝජිත ශෂී මාදන්

මාර්තු 13 ‘ඊළනාදම්’ බෙදාහැරිම් නිලධාරි මහලිංගම් මහේෂ්වරන්

මාර්තු ‘ඉලනාදම්’ බොදහැරිම් නියෝජිත ඇන්ටන්

අප්‍රේල් 09 ‘ඊළනාදම්’ පුවත්පතේ පරිගනක ශිල්පී රාජ්කුමාර් ඩෙන්සේ

අප්‍රේල් 25 ‘ඊළනාදම්’ මුද්‍රණශිල්පී ජෙයරාජා සුශීදරා සුගන්දන්

මැයි 14 ‘ඊළනාදම්’ වාර්තාකරු එම්ග ඇන්තනි කුමාර්

මැයි 14 ‘ඊළනාදම්’ පුවත්පතේ පරිගනක ශිල්පී තුරයිසිංහම් දර්ශන්

මැයි 18 ‘දෙමළ ඊළම්’ ටෙලිවිෂන් සේවයේ නිවේදිකා ඉසි ප්‍රියා ෂෝභා

මැයි ‘කොටි හඬ’ ගුවන්විදුලියේ ප්‍රධානියා ලෙස කටයුතු කළ තිරුකුලසිංහම් තවබාලන්

මාධ්‍යවේදීන් අතුරුදන්කිරීම

2010 ජනවාරි 24 – ප්‍රගීත් එක්නැලිගොඩ

මාධ්‍යවේදීන් පැහැරගෙනයාම

අගෝස්තු 28 නඩරාජා ගුරුබරන්

ජූනි 22 තිරුචෙල්වම් තිරුකුමාර්

පෙබරවාරි 26 ‘සුඩර් ඔලි’ ප්‍රධාන කර්තෘ එන්. විද්‍යාධරන්

මාර්තු 11 මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක

ජනවාරි 27 යාපනයේ මාධ්‍යවේදී නවරත්නම් පරමේශ්වරම්

මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම

ඔක්තෝබර් 24 ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ ආතර් වාමනන්

මාර්තු 07 ජේ. එස්. තිස්සනායගම්

නොවැම්බර් 28 ‘සන්ඩේ ලීඩර්’ ඡායාරූප ශිල්පී  අශෝක ප්‍රනාන්දු

2007 ජූනි 23 ‘උදයන්’ පුවත්පතේ කුමාරදාස්

අගෝස්තු 26 ස්වාධීන රූපවාහිනියේ නාගලිංගම් කෙන්ඩියුසන්

2008 පෙබරවාරි 12 ඒෂියන් ප්‍රෙස් පුවත් සේවයේ ගැමුණු අමරසිංහ

2008 මාර්තු 08 නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ එස්. සිවකුමාර්

2008 ජූලි 30 ඉන්දිය මාධ්‍යවේදී අලි අක්‍රම්

2008 නොවැම්බර් ඒ. ආර්. වාමලෝෂන්

ජූනි ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර

2009 සැප්තැම්බර් 02 ‘ලංකා’ පුවත්පතේ ශාලික විමලසේන, දයා නෙත්තසිංහ, ඡායාරූප ශිල්පී රවින්ද්‍ර පුෂ්පකුමාර බොරු චෝදනා මත දෙනියායේදී අත්අඩංගුවට ගෙන දින 7ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තැබීම

2009 ඔක්තෝබර් 17 ‘ලංකා’ ප්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත හෝමාගමදී අත්අඩංගුවට ගැනීම

ජනවාරි 29 ‘ලංකා’ ප්‍රධාන කර්තෘ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගෙන දින 18ක් රඳවාතැබීම

2010 මාර්තු 16 මාධ්‍යවේදී රුවන් වීරකොන් අත්අඩංගුවට ගැනීම

අප්‍රේල් 25 ‘ඊ නිව්ස්’ මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය

ජූනි 29 ‘ලංකා මිරර්’ සහ ‘ලංකා එක්ස් නිව්ස්’ මාධ්‍යවේදීන් 9 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනීම

2012 ඔක්තෝබර් 02 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් යැයි පවසා මාධ්‍යවේදී ක‍්‍රිෂාන් රාජපක්ෂ හිරිහැරයට ලක් කිරීම

2012 නොවැම්බර් 27 මාධ්‍ය වෘත්තිය සමිති ක‍්‍රියාකාරිකයකු වන සංජීව සමරසිංහ අත්අඩංගුවට ගෙන නිදහස් කිරීම

මාධ්‍යවේදීන්ට පහරදීම්

2007 ජනවාරි 06 ‘රිවිර’ මාධ්‍යවේදී තිස්ස රවීින්ද්‍ර

2007 ජනවාරි 10 ප්‍රාදේශීය මාධ්‍යවේදී වික්ටර් සෝමවීර

2007 ජනවාරි බීබීසී වාර්තාකරු ඥානසිරි කොත්තිගොඩ සහ ‘රාවය’ පුවත්පතේ අජිත් සෙනෙවිරත්

2007 ජනවාරි 28 ‘තිනකුරල්’ කේ. පී. මොහාන්

2008 ජනවාරි 16 ‘සිරස’ මාධ්‍යවේදී යූ. එස්. බී. බණ්ඩාර

2008 ජනවාරි 25 රූපවාහිනී සංස්ථාවේ ලාල් හේමන්ත මාවලගේ සේවය නිමවී නිවසට යමින් සිටියදී තියුණු ආයුධයකින් කපා තුවාල කිරීම

2008 ජනවාරි 28 ‘තිනකරන්’ පුවත්පතේ සුහයිබ් එන්. කාසිම්

2008 පෙබරවාරි 28 ස්වාධීන රූපවාහිනියේ පංකජ සංකල්ප

2008 මැයි 09 ‘වාරඋරෛයික්කල්’ කර්තෘ එම්. අයි. රහමතුල්ලා ‍

2008 මැයි 19 නිදහස් මාධ්‍යවේදී ජව්ෆර් ඛාන්

2008 මැයි 19 සිරස කැමරා කන්ඩායමට පහරදී කැමරා විනාශ කිරීම

2008 මැයි 22 ‘නේෂන්’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර්

2008 ජූනි 05 එම්.සී. පිලිස්

2008 ජූනි 30 ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නාමල් පෙරේරා සහ මහේන්ද්‍ර රත්නවීර

2008 ජූලි 18 යොහාන් පෙරේරා, ප්‍රදීප් දිල්රුක්ෂ

2008 අගෝස්තු 04 සිරස නාලිකාවේ තුෂාර රනවක, වරුණ සම්පත්

2008 අගෝස්තු 28 ‘ලංකාදීප’ යමුනා හර්ෂනී සහ ජානක ගලප්පත්ති

2008 අගෝස්තු 28 ජාතික රූපවාහිනියේ දුෂාන්ත මනෝජ්

2008 අගෝස්තු 28 ‘රිවිර’ ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන්

2008 නොවැම්බර් 29 මඩකලපුවේ මාධ්‍යවේදියකු ප්‍රහාරයට ලක්කිරීම

2008 මාර්තු 05 රූපවාහිනී සංස්ථාවේ රංජනී අලුත්ගේ හේරත්ගේ උරහිස දැලිපිහියකින් කැපීම

2008 මාර්තු 14 රූපවාහිනී සංස්ථාවේ අනුරසිරි හෙට්ටිගේ ප්‍රහාරයට ලක්වීම

2008 සැප්තැම්බර් 08 ‘තිනකරන්’ රාධිකා තේවකුමාර්

ජනවාරි 23 ‘මැක්ස් ටිවී’ මාධ්‍යවේදීන්ට පහරදීම

2009 ජූනි 01 වෘත්තිය පත්‍රකලාවේදීන්ගේ සංගමයේ පෝද්දල ජයන්ත

ජනවාරි 16 බීබීසී පොලොන්නරුව වාර්තාකාරිණී තක්ෂිලා දිල්රුක්ෂි

2010 ජනවාරි 28 ජාතික රූපවාහිනියේ රවී අබේවික්‍රමට පහරදී මරණ තර්ජන සිදුකිරීම

2010 පෙබරවාරි 02 අනුරාධපුර ‘සිරස’ වාර්තාකරු රිස්වි මොහොමඞ්

2010 පෙබරවාරි 03 ‘සිරස’ මාධ්‍යවේදි ශ්‍රී රංගා

2010 පෙබරවාරි 10 ‘සිරස’ සහ ‘ස්වර්ණවාහිනී’ ප්‍රාදේශීය වාර්තාකරුවන් දෙදෙනකුට දෙහිඅත්තකණ්ඩියේදී පහරදීම

2010 පෙබරවාරි 10 ‘සිරස’ හා ‘සියත ටීවී’ වාර්තාකරුවන් දෙදෙනකු හම්බන්තොටදී ප්‍රහාරයට ලක්වීම

2010 ඔක්තෝබර් 07 උද්ඝෝෂණයක් වාර්තාකිරීමට ගිය ලංකාදීප මාධ්‍යවේදී බිඟුන් මේනක ඇතුළු මාධ්‍යවේදීන් පස්දෙනකු ප්‍රහාරයට ලක්වීම

2010 දෙසැම්බර් 07 ‘ලංකා ඊනිව්ස්’ මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය කටුනායකදී ප්‍රහාරයට ලක්වීම

ජූලි 29 ‘උදයන්’ ප්‍රවෘත්ති සංස්කාරක ඥානසුන්දරම් කුගනාදන් යාපනේ සිය නිවස අසලදී ප්‍රහාරයට ලක්වීම

[දිලංක ගුණතිලක]
www.newstube.lk