දිවයින පුරා සියළුම විශ්වවිද්‍යාල වල අනධ්‍යන සේවක මණ්ඩලය විසින් මසකට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරන වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට සියළුම විශ්ව විද්‍යාලවල අධ්‍යන කටයුතු අඩපණ වී අැත. නව වසර සදහා අධ්‍යන කටයුතු ආරම්භ වි දින දෙකක් ඇතුලත ආරම්භ වූ මෙම වැඩවර්ජනයෙන් වඩාත් පීඩාවට ලක්ව අැත්තේ විශ්වවිද්‍යාල වල පළමු වසර සදහා ඇතුලත් වූ සිසුන්ය.
වැඩවර්ජනයට පාදක වූ විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන්ගේ ඉල්ලීම් පිළිබඳ වර්ජකයන් සහ බලධාරීන් අතර ඉකුත් දිනවල සාකච්ඡා වට කිහිපයක් පැවතුනත් ඒවාද අසාර්ථක විය.