Thursday, May 9, 2024

අධික වේගයෙන් ආ පෞද්ගලික බස් රථයේ ගැටී ගවයින් 8 දෙනෙකු මිය යයි

Must read

මන්නාරම – යාපනය ප්‍රධාන මාර්ගයේ පෞද්ගලික බස් රථයක ගැටීමෙන් ගවයින් 8 දෙනෙකු මිය ගොස් තවත් ගවයින් තුවාල ලබා තිබේ. මන්නාරම – යාපනය ප්‍රධාන මාර්ගයේ නායතුවේ ප්‍රදේශයේ දි  ඊයේ 25 සවස සිදුවූ රිය අනතුරකින් ගවයින් 8 දෙනෙකු මිය ගොස් ඇත. යාපනයේ සිට මන්නාරම දෙසට මගීන් සමඟ අධික වේගයෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථයක් නයාතු පාරේදී මාර්ගයේ ගමන් කරමින් සිටි ගවයින් සමඟ ගැටී තිබෙනවා.

එම අනතුරින් ගවයින් 8 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගිය අතර ගවයින් රැසක් බරපතල තුවාල ලබා ඇත.

මන්ති බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සලඹන් ගම්මානයේ ගොවීන්ගේ ගවයින් තණබිම් වලට ගෙන ගොස් නැවත ගව ගාලට රැගෙන යාමේදී මෙම අනතුර සිදුව ඇති බව දැනගන්නට ඇත. පෞද්ගලික බස් රථ රියදුරාගේ නොසැලකිලිමත්කම අනතුරට හේතුව බව ජනතාව පවසයි.

එස්.ආර්.ලැමබර්ට්

 

 

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article